E   |     |  

 දිනය: 2026-05-05   පිළිතුර ලබා දී ඇත 

1970/2026: Registration of Tourism Establishments operating under SLTDA

1970/2026

ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ මේ වනවිට ලියාපදිංචි මුළු සංචාරක ආයතන සංඛ්‍යාව කොපමණද;

            (ii)      නියාමන රාමුවෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන, ඇස්තමේන්තුගත ලියාපදිංචි නොකළ ක්‍රියාකරුවන් සංඛ්‍යාව කොපමණද;

(iii) නීති විරෝධී හෝ නීතියට අනුකූල නොවන ක්‍රියාකරුවන්ට එරෙහිව පසුගිය වසර 02 තුළ ගත් ක්‍රියාමාර්ග කවරේද,

(iv) ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන සංඛ්‍යාව සහ පනවන ලද දඬුවම් කවරේද;

(v) සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන විසින් ගෙවිය යුතු හිඟ වැට් බදු, සංචාරක සංවර්ධන බදු සහ අනෙකුත් හිඟ ව්‍යවස්ථාපිත මුදල් ඇතුළුව අයවිය යුතු මුළු හිඟ බදු මුදල් ප්‍රමාණය කොපමණද;

(vi) පසුගිය වසර 04 තුළ ජාතික සංචාරක සංවර්ධන බද්ද මඟින් එකතු කරන ලද වාර්ෂික ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(vii) එම ආදායම සංචාරකයන්ගේ පැමිණීම් වර්ධනයට සමානුපාතිකව ඉහළ ගොස් තිබේද;

(viii) මේ වනවිට ලියාපදිංචිවී ඇති බලපත්‍රලාභී සංචාරක මගපෙන්වන්නන් සංඛ්‍යාව සහ ඔවුන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

(ix) විනිවිදභාවය, අනුකූලතාවය සහ ආයෝජක විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා සංශෝධිත සංචාරක පනතක් හෝ නියාමන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට සලකා බලන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-05-05

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks