E   |     |  

 දිනය: 2026-05-05   පිළිතුර ලබා දී ඇත 

1969/2026: National road map for reduce food imports

1969/2026

ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ආහාර ආනයනය ක්‍රමයෙන් අඩු කර සහල්, බඩ ඉරිඟු, සීනි, ධාන්‍ය වර්ග, කිරි නිෂ්පාදන, ළූණු සහ අර්තාපල් වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිතවීම සඳහා 2027-2040  කාලය සඳහා කාල නියමයන් සහිත ජාතික මාර්ග සිතියමක් සකස් කර තිබේද;

(ii) 2027 වර්ෂයේ සිට ආහාර ආනයන අඩුකිරීම සඳහා වාර්ෂික ප්‍රක්ෂේපිත අඩු කිරීමේ ඉලක්ක සහ ඒ සඳහා මිනුම් පදනම ලෙස යොදාගනු ලබන වර්ෂය කවරේද;

(iii) වාරිමාර්ග නවීකරණය, යාන්ත්‍රිකකරණය, පර්යේෂණ සහ සංවර්ධනය, දේශගුණයට ඔරොත්තු දෙන බීජ තාක්ෂණය, ගබඩා හා ශීතාගාර පහසුකම් සහ කෘෂි සැකසුම් ධාරිතාව සඳහා අවශ්‍ය ඇස්තමේන්තුගත ප්‍රාග්ධන ආයෝජනය කොපමණද;

(iv) ගොවීන්ගේ ඉහළ ශක්‍යතාවයක් සහතික කිරීම සඳහා දිස්ත්‍රික්ක අනුව සකස් කළ විද්‍යාත්මක භෝග කලාපකරණය, ගිවිසුම්ගත ගොවිතැන් ආකෘති සහ සහතික කළ මිලදී ගැනීමේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කරන්නේද;

(v) ප්‍රධාන භාණ්ඩ ආනයනය සැලකිය යුතු ලෙස නතර කර, විදේශ විනිමය සංරක්ෂණය කිරීමට අපේක්ෂිත වර්ෂය කවරේද;

(vi) මෙම උපායමාර්ගයෙන් අතිරික්ත නිෂ්පාදනය අපනයනය කිරීමට අපේක්ෂා කරන්නේද;

(vii) එසේ නම්, ඒ සඳහා හඳුනාගත් භාණ්ඩ, ඉලක්කගත වෙළඳපොළ සහ ප්‍රක්ෂේපිත කාලරාමු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-05-05

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks