පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අජිත් ගිහාන් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වර්ෂ 2020 සිට 2025 දක්වා වාර්ෂික පොල් නිෂ්පාදනය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) සීමාසහිත හලාවත වැවිලි සමාගමේ පොල් නිෂ්පාදනය ඉහත කාල සීමාව තුළ සාපේක්ෂව වර්ධනයවී තිබේද;
(iii) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;
(iv) මෙරට ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන පොල් ආශ්‍රිත කර්මාන්ත නගාසිටුවීම සඳහා අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළ කවරේද;
(v) පොල් වගාවට කෘමීන්ගෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙළක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-21
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
පොල් නිෂ්පාදනය (ගෙඩි මිලියන) |
|
2020 |
2,818 |
|
2021 |
3,383 |
|
2022 |
3,352 |
|
2023 |
2,944 |
|
2024 |
2,754 |
|
2025 |
2,806 |
(ii) 2020 වර්ෂයේ සිට 2022 දක්වා සාපේක්ෂ වර්ධනයක්ද, 2023, 2024 වර්ෂවලදී සාපේක්ෂ ලෙස පහත වැටීමක්ද දක්නට ලැබේ.
(iii) • 2020 වර්ෂයේදී ගෙඩි මිලියන 11.94ක් අස්වනු නෙළා ගෙන ඇති අතර, 2021 සහ 2022 වර්ෂවලදී එය පිළිවෙළින් ගෙඩි මිලියන 14.72ක් හා ගෙඩි මිලියන 15.17ක් දක්වා වර්ධනය වී ඇත. සලකා බලන ලද කාලය තුළ අස්වනු ප්‍රමාණය සියයට 27කට වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.
• කෙසේ වෙතත්, 2023 වර්ෂයේදී අස්වනු ප්‍රමාණය ගෙඩි මිලියන 11.70ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, 2024 වර්ෂයේදී එය තවදුරටත් ගෙඩි මිලියන 10.33ක් දක්වා අඩු වී ඇත.
මේ සම්බන්ධව විස්තරාත්මක කරුණු දැක්වීමක් ඇමුණුම මඟින් දක්වා ඇත.
ඇමුණුම සභාගත කරමි.
ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නයේ ඉතිරි කොටස්වලට අදාළ සවිස්තරාත්මක පිළිතුර මම සභාගත* කරනවා.
සභාමේසය මත තබන ලද පිළිතුරේ ඉතිරි කොටස:
சபாபீடத்தில் வைக்கப்பட்ட உரையின் எஞ்சிய பகுதி:
Rest of the Answer tabled:
(iv) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් පොල් ආශ්‍රිත කර්මාන්ත නඟාසිටුවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග
• 2030 වනවිට මෙරට පොල් අවශ්‍යතාව සඳහා ගෙඩි මිලියන 4,200ක නිෂ්පාදනයක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක අපනයන ආදායමක් ඉලක්ක කරමින්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය - UNIDO - සමඟ එක්ව පොල් ක්ෂේත්‍රය සඳහා දස අවුරුදු මාර්ග සැලැස්ම සහ පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම සකස් කරමින් පවතී.
• පොල් මද ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සඳහා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් විසින් පත් කරන ලද තාක්ෂණික කමිටුවක් මඟින් එම ආයතනයන්හි නිෂ්පාදන හැකියාව පිළිබඳව සිදු කරනු ලබන අධ්‍යයනයකින් පසුව ලබා දෙන නිර්දේශ මත පදනම්ව, ඍජුවම ශීත කළ පොල් මද, පොල් කිරි/පිටි කළ පොල් කිරි, දිසිඳි පොල් ප්‍රතිඅපනයනය සඳහා බදු විරාම පදනම -TIEP - මත පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක්, මාර්ගෝපදේශයන්ට යටත්ව ආනයනය කිරීමට අවසර ලබා දී ඇත.
• කැබලිි කර වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන) ආනයනය කිරීමේදී සංයෝජිත වර්ගීකරණ සංකේතාංක - HS code- 0801.11.90 යටතේ ආනයන බලපත්‍ර ලබාගෙන ආනයනය කළ හැකි, පොල් මද නොවන වෙනත් ද්‍රව්‍යයන්ද පැවතිය හැකි බැවින්, ඒවා සඳහා ප්‍රතිශතාත්මක බදු ක්‍රමවේදය අදාළ කර ගනිමින් ගණනය කරන ලද කිලෝග්‍රෑමයට රුපියල් 320ක් වූ නිශ්චිත බද්දක් 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ හඳුන්වා දීමටත්, දේශීය වශයෙන් පොල් තෙල් නිෂ්පාදනය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ නිර්දේශයන්ට යටත්ව, කැබලි කර වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන) ආනයනකරුවන් හට කිලෝග්‍රෑමයකට රුපියල් 10ක් වූ සහනදායී විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අගයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇත.
• පොල් තෙල් සමඟ වෙනත් තෙල් මිශ්‍ර කිරීම වැළැක්වීම සඳහා ඇසුරුම්කරණය සම්බන්ධයෙන් අංක 2286/26 දරන 2022 ජූනි මස 29වැනි දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ කොන්දේසිද ඇතුළත් කර, ඕනෑම ප්‍රමාණයක පොල් තෙල් නිෂ්පාදන සඳහා ලේබලයක් සහිතව ඇසුරුම් කර පමණක් අළෙවි කිරීම සඳහා නව ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිකුත් කිරීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී.
• තවද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය සඳහා පහත ක්‍රියාකාරකම් සිදු කරමින් පවතී.
• කප්රුක ජය ඉසුර ණය යෝජනා ක්‍රමය
• 2012 වර්ෂයේ සිට මේ දක්වා කප්රුක ජය ඉසුර නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වේ. පවතින කර්මාන්ත සංවර්ධනයට මෙම ණය මුදල් ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහන මූල්‍ය ආයතන සමඟ සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක කෙරේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව -RDB- හරහා 2015 - 2025 කාල සීමාව තුළ කර්මාන්තකරුවන් 500කට ආසන්න ගණනකට රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් ලබා දී ඇත. වාර්ෂික පොලී අනුපාතය සියයට 6කි.
• 2025 වර්ෂයේ සිට මෙම ණය මුදල රුපියල් මිලියන 3.5 සිට රුපියල් මිලියන 5.0 දක්වා වැඩි කරන ලද අතර, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව (සූර්ය පැනල) භාවිත කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 10 දක්වා ණය පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත. වාර්ෂික පොලී අනුපාතය සියයට 4 දක්වා අඩු කිරීමටද කටයුතු කර ඇත.
• සහනාධාර ලබා දීම.
• 2026 වර්ෂයේ බ්‍රිස්ටල් කෙඳි නිෂ්පාදන යන්ත්‍ර 20ක් සඳහා ආධාර ලබා දීමට කටයුතු යොදා ඇත.
• 2026 වර්ෂයේදී ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනවල තත්ත්වය ඉහළ නැංවීම සඳහා මූල්‍ය සහාය ලබා දීම. එක් පුද්ගලයෙක් සඳහා උපරිමය රුපියල් 50,00ක් බැගින් වූ ආයෝජන සහායක් ලබා දීමට කටයුතු යොදා ඇත.
උදාහරණ: අත් ලණු නිෂ්පාදන යන්ත්‍ර/උපකරණ, තවාෂි නිෂ්පාදන යන්ත්‍ර/උපකරණ, කොහු පීරන පනා, ඉරටු සුද්ද කරන මැෂින්, ඉදල් නිෂ්පාදනය කරන මැෂින්, විහිදුම් අච්චු, පොල් කටු හා පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන සඳහා මෙලම් ආදිය
• 2026 වර්ෂයේ සිට පොල් තෙල් කර්මාන්තය හා කොහු කර්මාන්ත ආයතනවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා GMP සහතිකකරණය ලබා ගැනීම වෙනුවෙන් එම ආයතන වෙත සහතිකකරණය සඳහා වැය වූ මුදලින් රුපියල් 100,000ක උපරිමයකට යටත්ව මූල්‍ය සහාය ලබා දීම.
• පොල් කර්මාන්ත ක්ෂේත්‍රය නියාමනය කිරීම හා පහසුකාරකයන් සැපයීම (නියැඳි ලබා ගැනීම, විශ්ලේෂණය කිරීම, අවශ්‍ය උපදෙස් ලබා දීම.)
• ස්වයං රැකියා මට්ටමේ කණ්ඩායම් පුහුණු වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීම.
• දේශීය පොල් තෙල් කර්මාන්තය නඟාසිටුවීමට වැඩ පිළිවෙළ සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
• පොල් සංවර්ධන පනතේ 51 වගන්තිය ප්‍රකාරව විෂයගත අමාත්‍යවරයාහට නියෝග නිකුත් කිරීමේ බලතල ප්‍රකාරව, පොල් සංවර්ධන අධිකාරියේ සහතික ලත් දේශීය පොල් තෙල් ලෙස ලාංඡනයක් නිකුත් කිරීමට අදාළව රෙගුලාසි සකස් කිරීමට නෛතික බාධාවක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යාංශය දැනුවත් කර ඇත. ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.
• තාක්ෂණික හුවමාරු වැඩසටහන් පැවැත්වීම.
• අනුරාධපුර, ගාල්ල, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, බදුල්ල, අම්පාර, මාතර, මඩකලපුව, හම්බන්තොට, කිලිනොච්චි සහ කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රතිලාභීන් 956ක් සඳහා තාක්ෂණික හුවමාරු වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින් නිෂ්පාදනවල ගුණාත්මක බව රැක ගැනීම සඳහා කටයුතු කර ඇත.
• උතුරු පළාත තුළ පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීම සම්බන්ධ කටයුතු සඳහා සහාය දැක්වීම.
• උතුරු පළාත තුළ කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ කර්මාන්තකරුවන් 06දෙනෙකු සඳහා තම කර්මාන්ත නවීකරණය සඳහා වැය වූ මුදලින් සියයට 50ක මුදල රුපියල් 200,000ක උපරිමයකට යටත්ව ලබා දීමට කටයුතු කර ඇත. 2025 වර්ෂයේ පොල් දින සැමරුමට සමගාමීව කර්මාන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීම.
(v) මේ වනවිටත් කෘමීන්ගෙන් සිදු වන හානිය වැළැක්වීම සඳහා පහත වැඩසටහන් අමාත්‍යාංශය හා ඒකාබද්ධව පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2026 වර්ෂයේදී පහත සඳහන් ආකාරයට කෘමි හානිය වැළැක්වීම සඳහා පියවර ගැනීමට අමාත්‍යාංශය පොල් වගා කිරීමේ මණ්ඩලය වෙත ප්‍රතිපාදන වෙන් කර ඇත.
|
අනු අංකය |
වැඩසටහන් |
වෙන් කළ ප්‍රතිපාදන (රුපියල් මිලියන) |
භෞතික ක්ෂේත්‍ර මට්ටමේ ක්‍රියාකාරකම් |
|
1 |
බ්‍රොන්ටිස්පා හානිය පාලනය |
12.0 |
• රෝගී ගස් 2,000ක් සලකුණු කිරීම. • රෝග පාලනය සඳහා මොනක්‍රොටපස් එන්නත් කිරීම හා පරපෝෂිතයන් නිදහස් කිරීම. • දැනුවත් කිරීමේ වැඩසටහන් 16ක් පැවැත්වීම • රෝගී ගස් 600ක් පරීක්ෂාව හා සිතියම්ගත කිරීම • මාධ්‍ය වැඩසටහන් පැවැත්වීම (භාෂා මාධ්‍ය ත්‍රිත්වයෙන් පුවත් පත් දැන්වීම් පළ කිරීම) |
|
2 |
වැලිගම කොළ මැලවීමේ හා කුණු වීමේ රෝගය පාලනය |
90.00 |
• රෝගී ගස් 3,300ක් සලකුණු කිරීම • රෝගී ගස් 3,892ක් ඉවත් කිරීම හා වන්දි ගෙවීම • රෝගී ගස් පවතින ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම - අක්කර 25 • අතුරු භෝග වගාව ප්‍රවර්ධනය කිරීම. උදා: කුරුඳු • රෝගී ගසක ශක්තිය -vigor- පවත්වා ගැනීම සඳහා පොහොර සහනාධාරය ලබා දීම සහ අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම. • අනෙකුත් පළිබෝධ මර්දනය අවශ්‍ය පිළියම් යෙදීම. • රෝගයට ප්‍රතිරෝධී පොල් පැළ 3,000ක් සිටුවීම. |
|
3 |
රතු කුරුමිණි හානිය පාලනය |
11.58 |
• රතු කුරුමිණි පෙරමෝණ වයල් 50,000ක් හා කළු කුරුමිණි පෙරමෝණ වයල් 3,000ක් බෙදා හැරීම. • මොනක්‍රොටපස් 1200Lක් රෝගී ගස්වලට එන්නත් කිරිම. • වැඩසටහන් 21ක් පැවැත්වීම. |
|
4 |
කළු කුරුමිණි පාලනය |
11.58 |
|
|
5 |
සුදු මැස්සා හානිය පාලනය |
40.00 |
• රෝගී ගස් සලකුණු කිරිම හා කොහොඹ තෙල් යෙදීම - ගස් 500,000 • හදිසි තත්ත්ව යටතේ විශේෂ පාලනය - ගස් 110,000 මේ වනවිට ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි ප්‍රදේශවල පාලන කටයුතු සිදු කර ඇත. • කොහොඹ තෙල් ඉසීම සඳහා බලවේග දියර ඉසින යන්ත්‍ර 30ක් මිලදී ගැනීම හා යන්ත්‍ර 500ක් අලුත්වැඩියාව මේ වනවිට දියර ඉසිරි යන්ත්‍ර මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතින අතර යන්ත්‍ර 82ක් අලුත්වැඩියා කර ඇත. |
|
6 |
පොල් මයිටාවන් පාලනය |
28.24 |
• පරපෝෂී මයිටා පැකට් 414,000ක් ක්ෂේත්‍රය තුළ නිදහස් කිරිම. • වැඩසටහන් 20ක් පැවැත්විම. |
|
7 |
පොල් දළඹු පාලනය |
0.49 |
• ක්ෂේත්‍ර වැඩසටහන් 8ක් පැවැත්වීම. • පරපෝෂී නළ 2,100ක් ක්ෂේත්‍රය තුළ නිදහස් කිරීම |
මේ අනුව සමස්ත ලෙස පොල් වගාවේ කෘමි හා පළිබෝධ පාලනය සඳහා 2026 වර්ෂයට රුපියල් මිලියන 182.31ක පමණ මුදලක් වෙන් කර ඇත. මීට අමතරව පොල් වගා කිරීමේ මණ්ඩලය ව්‍යාපෘති සේවාව මඟින් ක්ෂේත්‍ර මට්ටම්වලදී කෘමි හානිය පාලනය සඳහා අවශ්‍ය උපදෙස් වගාකරුවන්ට ලබා දේ. තවද, ගම්මාන මට්ටමින් ප්‍රජාවගේද දායකත්වය සහිතව මෙම පාලන කටයුතු සිදු කිරීම සඳහා පොල් දෙසතිය ලෙස විශේෂ වැඩසටහන්ද පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.
ඊට අමතරව පොල් ත්‍රිකෝණයට අයත් දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක කරනු ලබන පොල් පොකුරු ඉඩම් සංවර්ධන වැඩසටහන් යටතේ කෘමි පළිබෝධ පාලන වැඩසටහන් සඳහා ප්‍රජා සංවිධානවල සහභාගිත්වයෙන් ක්ෂේත්‍ර මට්ටමින් කටයුතු කරනු ලැබේ.
තවද, ව්‍යාප්ති වැඩසටහන් යටතේ වාර්ෂිකව ගොවි කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහන්, හානිකර කෘමීන් මර්දනය ඉලක්ක කර ගත් වැඩසටහන්, පුහුණු මධ්‍යස්ථානය මඟින් පුහුණු වැඩසටහන්, ක්ෂේත්‍ර දින, ක්‍රම හා ප්‍රතිඵල ආදර්ශන යනාදී ව්‍යාප්ති ක්‍රමවේද යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
මීට අමතරව යම් කෘමි හානියක් වසංගත තත්ත්වයක් දක්වා උද්ගත වුවහොත් පොල් පර්යේෂණ ආයතනය හා එක්ව එම උපදෙස් යටතේ විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
උදාහරණ: බ්‍රොන්ටිස්පා කෘමි උවදුර මර්දනය වැනි
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks