පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1947/2026
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2019 ජනවාරි 01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනය ලබා ඇති සම්පූර්ණ අලාභය කොපමණද;
(ii) ඒ අතරින් මෙහෙයුම් අලාභය කොපමණද;
(iii) එම ආයතනය විසින් ගුවන්යානා සඳහා ගෙවනු ලබන වාර්ෂික ලීසිං වාරිකය/ණය වාරිකය කොපමණද;
(iv) එම ලීසිං වාරිකය/ණය වාරිකය ගෙවනු ලබන ගුවන්යානා සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ආයතනය විසින් ලබා ගෙන ඇති මුළු ණය ප්‍රමාණය කොපමණද;
(ii) එම ණය වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු මුළු ණය වාරිකය කොපමණද;
(iii) එම ණය වාරිකයේ ඇති වාරිකය, ප්‍රාග්ධන මුදල හා පොළී මුදල් වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-05
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) - 19/20 මූල්‍ය වර්ෂයේ අලාභය - රුපියල් බිලියන (44.1)
- 20/21 මූල්‍ය වර්ෂයේ අලාභය - රුපියල් බිලියන (49.7)
- 21/22 මූල්‍ය වර්ෂයේ අලාභය - රුපියල් බිලියන (163.6)
- 22/23 මූල්‍ය වර්ෂයේ අලාභය - රුපියල් බිලියන (71.3)
- 23/24 මූල්‍ය වර්ෂයේ ලාභය - රුපියල් බිලියන 7.9
- 24/25 මූල්‍ය වර්ෂයේ අලාභය - රුපියල් බිලියන (2.7)
- අලාභ එකතුව - රුපියල් බිලියන (323.5)
● ඉහත සඳහන් කාල පරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 214.6ක මුළු විනිමය අලාභයක් සහ රුපියල් බිලියන 193.5ක මූල්‍ය පිරිවැයක් ඇතුළත් වේ.
● 2019 අප්‍රේල් සිට 2025 මාර්තු දක්වා කාල පරිච්ඡේදය තුළ සමූහයේ මුළු අලාභය රුපියල් බිලියන 323.5කි. 2023/2024 මූල්‍ය වර්ෂයේදී සමූහය රුපියල් බිලියන 7.9ක ලාභයක් වාර්තා කළේය.
(ii) - 19/20 මූල්‍ය වර්ෂයේ මෙහෙයුම් ලාභය - රුපියල් බිලියන 1.5
- 20/21 මූල්‍ය වර්ෂයේ මෙහෙයුම් අලාභය - රුපියල් බිලියන (8.1)
- 21/22 මූල්‍ය වර්ෂයේ මෙහෙයුම් ලාභය - රුපියල් බිලියන 1.7
- 22/23 මූල්‍ය වර්ෂයේ මෙහෙයුම් ලාභය - රුපියල් බිලියන 43.4
- 23/24 මූල්‍ය වර්ෂයේ මෙහෙයුම් ලාභය - රුපියල් බිලියන 28.1
- 24/25 මූල්‍ය වර්ෂයේ මෙහෙයුම් ලාභය - රුපියල් බිලියන 28.4
- මෙහෙයුම් ලාභ එකතුව- රුපියල් බිලියන 95
● 2019 අප්‍රේල් සිට 2025 මාර්තු දක්වා කාල පරිච්ඡේදය තුළ විනිමය ලාභය/අලාභයට පෙර සමූහයේ මුළු මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 95කි. 2020/2021 මූල්‍ය වර්ෂයේදී සමූහය රුපියල් බිලියන 8.1ක මෙහෙයුම් අලාභයක් වාර්තා කළේය.
(iii) 2024/2025 මූල්‍ය වර්ෂය සඳහා ගුවන් යානා සහ අමතර එන්ජින් සඳහා මුළු බදු කුලිය රුපියල් බිලියන 40.4කි.
(iv) ගුවන් යානා 22
(ආ) (i) 2025 මාර්තු 31 වන දිනට ගෙවිය යුතු මුළු ණය මුදල රුපියල් බිලියන 188.3කි
● ශ්‍රී ලංකා රජය විසින් සහතික කරනු ලබන රුපියල් බිලියන 93.9ක රාජ්‍ය බැංකු ණය, රුපියල් බිලියන 62.7ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, ලංකා බැංකුවේ බැංකු අයිරා රුපියල් බිලියන 20.2 සහ ගුවන් යානා බදු දෙන්නන් සමඟ කල් දැමූ පියවීම් සැලැස්ම රුපියල් බිලියන 11.5 මෙයට ඇතුළත් වේ.
(ii) 2024/2025 මූල්‍ය වර්ෂය සඳහා මුළු ණය වාරික ආපසු ගෙවීම රුපියල් බිලියන 5.9කි.
(iii) 2024/2025 මූල්‍ය වර්ෂය සඳහා මුළු ප්‍රාග්ධන වාරික ආපසු ගෙවීම රුපියල් බිලියන 5.9ක් වන අතර මුළු පොලී ගෙවීම රුපියල් බිලියන 26.6කි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks