පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
(ii) එම ව්‍යාපෘති ආරම්භ කිරීමේදී රජයේ මැදිහත්වීම හා ග්‍රාමීය ප්‍රජා දායකත්වය කවරේද;
(iii) එම ව්‍යාපෘති පවත්වාගෙන යනු ලබන ප්‍රජා ජල කමිටුවල/සමිතිවල ව්‍යුහය සහ වගකීම කවරේද;
(iv) එම ව්‍යාපෘති සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළුව රජයේ ආයතනයන්ට මැදිහත්වීම සඳහා ක්‍රමවේදයක් තිබේද;
(v) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ප්‍රජා ජල ව්‍යාපෘති නියාමනය සහ විගණනය කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
(ii) මේ දක්වා සිදු කරන ලද විගණනවලින් අනාවරණයවූ කරුණු සම්බන්ධයෙන් පියවර ගෙන තිබේද;
(iii) එසේ නම්, එම පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-08
අසන ලද්දේ
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2025 මාර්ගෝපදේශ අංක 05 යටතේ දක්වා ඇති ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රජා ජල ව්‍යෘපෘති ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. ඒ අනුව යෝජිත ක්‍රමවේදය මෙසේය.
1. නව ජල ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා ප්‍රජාව විසින් ඉල්ලුම් කිරීම.
2. අදාළ ප්‍රදේශය අවම වසර 10ක් තුළ ආවරණය නොවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සහතික කර ගැනීම හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන මඟින් හෝ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බවට තහවුරු කර ගැනීම.
3. අදාළ ප්‍රදේශය අවම වසර 10ක් තුළ ආවරණය නොවන බවට පළාත් පාලන කොමසාරිස්ගේ සහතිකය ලබා ගැනීම.
4. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු අනුමැතිය ලබා ගැනීම.
5. අවශ්‍යතාව තහවුරු කිරීම.
6. සමාජ සිතියම නිර්මාණය කිරීම.
7. දෙපාර්තමේන්තුව විසින් ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ වාර්තාව සකස් කිරීම.
8. ජල මූලාශ්‍රය හඳුනාගැනීම සඳහා රජයේ පිළිගත් ආයතනයක් මඟින් භූ ජල විද්‍යා පරීක්ෂණයක් සිදු කිරීම.
9. ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගැනීම සහ බෙදා හැරීම් කලාපය නිර්ණය කිරීම.
10. ව්‍යාපෘති යෝජනාව සකස් කිරීම සහ ප්‍රධාන කාර්යාලයේ අනුමැතිය ලබා ගැනීම.
11. ඉදිකිරීම් සඳහා අවශ්‍ය පරිදි (ශ්‍රම හා මූල්‍ය) ප්‍රජා දායකත්වය ලබා ගැනීම.
12. මෙහෙයුම් හා නඩත්තු වියදම සලකා මූල්‍ය ශක්‍යතාව තහවුරු කිරීම.
13. ප්‍රජා මූල සංවිධානයක් පිහිටුවීම හා ඒ මඟින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
(ii) · රජයේ මැදිහත්වීම:
මූලික ප්‍රාග්ධන වියදම - Capital Cost - දැරීම, තාක්ෂණික සැලසුම් සැපයීම සහ මූලික යටිතල පහසුකම් ඉදිකිරීමට මූල්‍ය සහාය ලබා දීම සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
ශ්‍රමය - labour - සැපයීම, ව්‍යාපෘති පිරිවැයෙන් යම් ප්‍රතිශතයක් මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් ලබා දීම සහ ව්‍යාපෘතිය නිම වූ පසු එහි මෙහෙයුම් හා නඩත්තු වගකීම භාර ගැනීම. මෙය දළ වශයෙන් ව්‍යාපෘති වියදමින් උපරිම වශයෙන් සියයට 20කි.
(iii) · ව්‍යුහය:
සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු නිලධාරි මණ්ඩලයක් සහ විධායක කමිටුවකින් සමන්විත වේ. මොවුන් ප්‍රජාව විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගනු ලබයි.
ජල ගාස්තු අය කිරීම, පද්ධතිය නඩත්තු කිරීම, ජල ආරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කිරීම, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ විනිවිදභාවයකින් යුතුව ගිණුම් තැබීම හා දෙපාර්තමේන්තුව සමඟ මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් රජයේ පවතින සුරක්ෂිත පානීය ජලය සැපයීම පිළිබඳ වන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සහාය වීම.
(iv) ඔව්, සාමාන්‍යයෙන් ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව හරහා මෙම සම්බන්ධීකරණය සිදුවේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පාළාත් පාලන ආයතන මඟින් ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් නිරවුල් කිරීම, ලියාපදිංචි කිරීම සහ නීතිමය සහාය ලබා දීම සිදු කරයි. දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා සහභාගි වන අතර යම් තීරණ ගැනීම ඒ හරහා සිදු කරනු ලබයි.
(v) අදාළ නොවේ.
(ආ) (i) · ප්‍රජා ජල ව්‍යාපෘති නියාමනය:
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් මෙම සංවිධාන අධීක්ෂණය කෙරේ.
සෑම ප්‍රජා මූල සංවිධානයක්ම වාර්ෂිකව මහා සභා රැස්වීමක් පවත්වා පරීක්ෂා කරන ලද ගිණුම් වාර්තා ඉදිරිපත් කළ යුතුය. මේ සඳහා වන මාර්ගෝපදේශ දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇත.
(ii) ඔව්, විගණනවලදී මූල්‍ය අක්‍රමිකතා හෝ පරිපාලන දුර්වලතා අනාවරණය වුවහොත් ඒ පිළිබඳව පරීක්ෂණ සහ විමර්ශන පවත්වනු ලැබේ.
(iii) · අදාළ නිලධාරි මණ්ඩලය විසුරුවා හැරීම හෝ අලුතින් පත් කිරීම.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks