E   |     |  

 දිනය: 2026-04-23   පිළිතුර ලබා දී ඇත 

1939/2026: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩම්: විස්තර

.

අසන ලද දිනය

2026-04-23

අසන ලද්දේ

ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දුම්රිය දෙපාර්තමේන්තුවේ මිනින්දෝරු අධිකාරි විසින් යොමු කරන ලද දුම්රිය රක්ෂිත ප්‍රමාණය ඇතුළත් වාර්තාවක් ඇමුණුම මඟින් දක්වා ඇත. එය දීර්ඝ ඇමුණුමක් බැවින් සභාගත* කරමි.

                          එම වාර්තාව අනුව දුම්රිය රක්ෂිත බිම් ප්‍රමාණය හෙක්ටෙයාර 5,739.85කි.

              (ii)      දුම්රිය රක්ෂිත භූමිය දුම්රිය මාර්ග, දුම්රිය ස්ථාන, දුම්රිය නිවාස, දුම්රිය ගබඩා, කර්මාන්තශාලා, දුම්රිය අංගනවලින් යුක්ත වන අතර, දුම්රිය මාර්ග දෙපස රක්ෂිත භූමිය ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් හා දුම්රිය මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදා ගැනේ. ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය නොවන ඉඩම්, ඉල්ලීම පරිදි බදු වශයෙන් බාහිර පුද්ගලයන්ට ලබා දීම සිදු කරනු ලබයි. නමුත්, දීර්ඝ කාලයක සිට දුම්රිය රක්ෂිත බාහිර පුද්ගලයන් අනවසර ඉදිකිරීම් හා වගා කටයුතු සඳහා අල්ලාගෙන සිටී.

(iii) දුම්රිය මර්ගය සහ දුම්රිය රක්ෂිතය අයත් භූමියේ ප්‍රමාණය වෙන වෙනම ගණනය කිරීමක් සිදු කර නොමැති අතර, සමස්ත දුම්රිය රක්ෂිත ප්‍රමාණය ගණනය කර ඇත.

(iv) අනවසර ඉදිකිරීම් දුටු විට අදාළ ආයතන දැනුවත් කර ඉවත් කිරීමේ කටයුතු කරනු ලබයි. තවද, දුම්රිය ධාවනයට අවශ්‍ය වන සීමා, දුම්රිය මාර්ග නඩත්තු කරන සේවකයන් විසින් පිරිසිදු කිරීම සිදු කරන අතර, ඉන් ඔබ්බට ඇති සීමාව පිරිසිදු කිරීම අවශ්‍යතාව අනුව පමණක් සිදු කරනු ලබයි.

(v) ඔව්.

(vi) දුම්රිය රක්ෂිත දෙපස පළාත් පාලන අයතන මඟින් අවසර ගෙන හා අනවසරයෙන් දුම්රිය මාර්ගයට සමාන්තරව මාර්ග සකස් කර ඇත. එම මාර්ග කාපට් හා කොන්ක්‍රීට් යොදා වැඩිදියුණු කිරීමට යෑම තුළින් ඉදිරියේදී දුම්රිය මාර්ග ද්විත්ව මාර්ග බවට පරිවර්තනය කිරීමේදී ගැටලු ඇති විය හැක. එබැවින්, එම අවසරලත් හා අනවසර මාර්ග කොන්ක්‍රීට් කිරීම හෝ කාපට් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය දෙනු නොලැබේ.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-06-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks