logo

03

E   |     |  

 දිනය: 2026-04-24   පිළිතුර ලබා දී ඇත 

1938/2026: 1998 සිට වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩිවීම්: විස්තර

.

අසන ලද දිනය

2026-04-24

අසන ලද්දේ

ගරු ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      තේ වැවීමේ හා සෑදීමේ කර්මාන්ත වැටුප් වැඩිවීම - 1998 වසරේ සිට 2025 දක්වා

වර්ෂය

සාමූහික ගිවිසුම්/පඩිපාලක සභා

ගැසට් අංකය හා දිනය

දෛනික වැටුප (රුපියල්)

1998

සාමූහික ගිවිසුම

1078/26 - 1999.05.07

රුපියල් 101.00

1998

පඩිපාලක සභා

1045/4 - 1998.09.15

වැඩිහිටි කම්කරු රුපියල් 95.00  ළමා කම්කරු රුපියල් 90.00

2000

සාමූහික ගිවිසුම

1152/19 - 2000.10.05

රුපියල් 121.00

2001

සාමූහික ගිවිසුම

1186/19 - 2001.05.30

රුපියල් 121.00

2001

පඩිපාලක සභා

1185/18 - 2001.05.24

වැඩිහිටි කම්කරු රුපියල් 101.00  ළමා කම්කරු රුපියල් 96.00

2002

සාමූහික ගිවිසුම

1261/2 - 2002.11.05

රුපියල් 147.00

2003

පඩිපාලක සභා

1290/10 - 2003.05.29

වැඩිහිටි කම්කරු රුපියල් 121.00  ළමා කම්කරු රුපියල් 116.00

2004

සාමූහික ගිවිසුම

1375/5 - 2005.01.10

රුපියල් 194.50

2006

සාමූහික ගිවිසුම

1480/14 - 2007.01.18

රුපියල් 260.00

2007

සාමූහික ගිවිසුම

1524/6 - 2007.11.20

රුපියල් 290.00

2009

සාමූහික ගිවිසුම

1625/26 - 2009.10.30

රුපියල් 405.00

2011

සාමූහික ගිවිසුම

1735/10 - 2011.06.16

රුපියල් 515.00

2013

සාමූහික ගිවිසුම

1810/21 - 2013.05.13

රුපියල් 620.00

2014

පඩිපාලක සභා

1872/31 - 2014.07.24

රුපියල් 405.00

2016

සාමූහික ගිවිසුම

1992/46 - 2016.11.10

රුපියල් 730.00

2019

සාමූහික ගිවිසුම

2115/7 - 2019.01.28

රුපියල් 750.00

2021

පඩිපාලක සභා

2217/37 - 2021.03.05

දෛනික වැටුප - රුපියල් 900.00 අයවැය සහන දීමනා - රුපියල් 100.00

2024

පඩිපාලක සභා

2401/24 - 2024.09.12

දෛනික වැටුප  - රුපියල් 1350.00  Over Kilo Rate - රුපියල් 50.00

 

              (ii)      මේ ප්‍රශ්නයෙන් අහන්නේ ප්‍රාදේශීය වැවිලි සමාගම්වල මේ වෙනකොට ඉන්න කම්කරුවන් සංඛ්‍යාව ගැන.

                        ප්‍රාදේශීය වැවිලි සමාගම්

                        ස්ථිර සේවක සංඛ්‍යාව            - 76,044

                        තාවකාලික සේවක සංඛ්‍යාව        - 18,955

                        ජනතා වතු සංවර්ධන මණ්ඩලය

                        ස්ථිර වතු කම්කරුවන් සංඛ්‍යාව - 2,738

තාවකාලික කම්කරුවන් සංඛ්‍යාව - නැත

රාජ්‍ය වැවිලි සංස්ථාව

ස්ථිර සේවයේ සේවක සංඛ්‍යාව         - 1,524

තාවකාලික සේවයේ සේවක සංඛ්‍යාව  - 573

 

(iii) වැඩි කරපු වතු කම්කරු වැටුපට හිමිකම් ඇති වතු කම්කරුවන් සංඛ්‍යාව ගැන තමයි මේ ප්‍රශ්නයෙන් අහන්නේ.

මාසය

ප්‍රාදේශීය වැවිලි සමාගම්(කුරුණෑගල සහ හලාවත වැවිලි සමාගම් හැර)

රාජ්‍ය වැවිලි සංස්ථාව

ජනතා වතු සංවර්ධන මණ්ඩලය

එකතුව

ජනවාරි

74,017

1,470

2,527

78,014

පෙබරවාරි

74,282

1,471

2,624

78,377

මාර්තු

74,177

1,468

2,633

78,278

අප්‍රේල්

73,868

1,479

2,634

77,981

 

(iv) මේ යටතේ, මේ එක් එක් මාසවල අපි වැඩි කරපු වැටුප් ප්‍රමාණයට අනුව ඒ කම්කරුවන්ට වැඩියෙන් ගෙවූ මුදල පිළිබඳව අසා තිබෙනවා.

මාසය

ප්‍රාදේශීය වැවිලි සමාගම් (කුරුණෑගල සහ හලාවත වැවිලි සමාගම් හැර) (රු.

මිලියන)

රාජ්‍ය වැවිලි සංස්ථාව (රු.

මිලියන)

ජනතා වතු සංවර්ධන මණ්ඩලය (රු.

මිලියන)

මාසිකව ගෙවා ඇති මුදල (රු.

මිලියන)

ජනවාරි

    276.49

  5.03

  80.93

    362.45

පෙබරවාරි

    261.24

  4.42

  79.27

   344.93

මාර්තු

    289.94

  5.67

  98.90

   394.51

අප්‍රේල්

   251.91

  5.12

  82.75

   339.78

මුළු මුදල

1,079.58

20.24

341.85

 1,441.67

ඒ අනුව ජනවාරි මාසය තුළ අපි වැඩි කළ රුපියල් 400ක මුදල කම්කරුවන්ට බෙදා දීලා තිබෙනවා. එම ප්‍රමාණය මිලියන වශයෙන් ගත්තොත්, රුපියල් මිලියන 724.9ක්.

පෙබරවාරි මාසය තුළ අපි වැඩිපුර ගෙවා තිබෙනවා, රුපියල් මිලියන 689.86ක්.  මාර්තු මාසය තුළ අපි ගෙවා තිබෙනවා, රුපියල් මිලියන 789.02ක්. අප්‍රේල් මාසය තුළ අපි වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප් වශයෙන් ගෙවා තිබෙනවා, රුපියල් මිලියන 679.56ක්.

  ඒ අනුව මුල් මාස හතර තුළ වැඩි කළ වැටුප් හැටියට වතු කම්කරුවන්ට බෙදා හැර තිබෙන මුදල රුපියල් මිලියන 2,883.34ක් වෙනවා, ගරු මන්ත්‍රීතුමියනි.

 

(v) නැත.

අමාත්‍ය මණ්ඩල තීරණයන්ට අනුව සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් අත්සන් කර ඇති අව‍බෝධතා ගිවිසුම ප්‍රකාරව එකී සමාගම්හි සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය හිමි දෛනික වැටුප් ලබන manual workersලාට රජය මඟින් ලබා දෙන පැමිණීමේ දිරි දීමනාව ගෙවනු ලබයි.

 

(vi) බොහෝ විට තාවකාලික කම්කරුවන් වශයෙන් ක්‍රියා කරන්නේ ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් සපුරා නොමැති හෝ සුදුසුකම් සපුරමින් සිටින කම්කරුවන් වේ. එබැවින් ලියාපදිංචි කම්කරුවන් (ETF/EPF සඳහා හිමිකම් ඇති) සඳහා පමණක් මෙම දීමනාව ලබා දීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

(ආ) අදාළ නොවේ.

 

 

ගරු කථානායකතුමනි,  ඒ මන්ත්‍රීතුමිය අහන්නේ 1998 සිට මේ දක්වා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වෙච්ච ආකාරය පිළිබඳවයි. සභාවට ඒ පැහැදිලි කිරීම මම කරන්නම්.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2000දී තිබුණේ රුපියල් 121ක් වශයෙන්. ඒක 2000දී රුපියල් 20කින් වැඩි කර තිබෙනවා. 2021දී පඩිපාලක සභාව විසින් වැටුප් වැඩි කිරීමක් කරලා තිබෙනවා, රුපියල් 6කින්.

 

 

 

පිළිතුරු දුන් දිනය

2026-06-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks