පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-21
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර, ජලජ සහ සාගර සම්පත්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ධීවර වරායන් 24යි.
(ii) ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව මඟින් පවත්වා ගෙන යනු ලබන ධීවර වරායන් තුළ ලබා දෙන ප්‍රධාන පහසුකම් පහත පරිදි වේ.
මෙමඟින් ධීවර කර්මාන්තය සහ ධීවරයින්ගේ ජීවන මට්ටම, කාර්යක්ෂමතාව, ආදායම හා ආරක්ෂාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
(iii) නව වැඩ පිළිවෙළක් යෝජනා කර ඇත.
(iv) මෙම අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත සීනෝර් ආයතනය සමඟ Fibreglass Crusher ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී ඇති අතර, එය මූලික අදියරේ ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒක යටතේ දීර්ඝ විස්තර ප්‍රමාණයක් තිබෙනවා. මම මූලික දේ විතරක් කියන්නම්.
මේ සඳහා වැඩ පිළිවෙළක් සකස් කරලා තිබෙනවා.
මේවා වෙන්කර ගැනීම සඳහා, වර්ගීකරණය සඳහා දීර්ඝ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා කියන එක මතක් කරන්න කැමැතියි.
තෙල්, ග්‍රීස් සහ විෂ ද්‍රව්‍ය කාන්දුවීම වැළැක්වීමට වසා ඇති භාජන භාවිත කිරීම.
ලෝහ, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය නැවත භාවිතයට යොමු කිරීම.
තෙල්, රසායනික ද්‍රව්‍ය වැනි විෂ අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් ප්‍රතිකාර කර නිල ආයතන වෙත භාරදීම.
අපද්‍රව්‍ය සෘජුවම මුහුදට හෝ ජල මාර්ගවලට ඇතුළු වීම නවතා ගැනීම.
අපද්‍රව්‍ය තාවකාලිකව තැබීමට වරාය තුළ වෙන්කළ ස්ථාන සකස් කිරීම.
අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳ දැනුවත් කිරීම.
වරාය පරිපාලනය විසින් නිරන්තර පරීක්ෂණ සහ නීති ක්‍රියාත්මක කිරීම.
පරිසර හිතකාමී ක්‍රම භාවිත කරන ධීවරයින්ට සහ ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දීම.
(v) වරාය බේසමේ එකතු වී ඇති වැලි ඉවත් කිරීම සඳහා සංස්ථාව සතු වැලි කැණීම් යාත්‍රා මඟින් (සයුර, රුහුණු පුතා, නිල්දියවර, සලාපුර සහා කිඳුරි) වැලි කැණීම් සිදු කරනු ලබයි. පියරය ආසන්නයේ ඇති වැලි ඉවත් කිරීම සඳහා එක්ස්කැවේටර් යන්ත්‍ර යොදා ගනිමින් කටයුතු සිදු කරමින් පවතී.
(vi) සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගැනීමට බාධා මතු විය.
(vii) ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අභිලාෂ සහ අරමුණු සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීම කෙරෙහි පසුගිය කාලසීමාව තුළ එල්ල වූ බාහිර අභියෝග රාශියකින් දැඩි බලපෑමක් වූ අතර, විශේෂයෙන්ම පහත සඳහන් කරුණු ඒවාට බලපා ඇති බව සඳහන් කිරීමට කැමැතියි.
කෝවිඩ් වසංගතය හේතුවෙන් ධීවර වරාය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑම හා අපනයන වෙළෙඳපොළ සබඳතා බිඳ වැටීම මත ධීවර වරාය නීතිගත සංස්ථාවේ මූල්‍ය හා මෙහෙයුම් ඉලක්ක සපුරා ගැනීමට බාධා එල්ල විය.
පසුගිය කාලය තුළ මෙරට පැවති ඉන්ධන හිඟය හේතුවෙන් ධීවර යාත්‍රා මෙහෙයුම් කටයුතු සැලකිය යුතු ලෙස සීමා විය. ධීවර වරායන්හි ක්‍රියාකාරීත්වය සෘජුවම රඳා පවතින්නේ ධීවර යාත්‍රාවල ක්‍රියාකාරීත්වය මත බැවින්, ඉන්ධන අර්බුදය හමුවේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ ආදායම් මාර්ග සහ සේවා සැපයීමේ ධාරිතාව අඩුවීම ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් විය.
වසංගත තත්ත්වය සමඟ ඇති වූ ගෝලීය ආර්ථික පසුබෑම හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම මෙන්ම නඩත්තු කටයුතු සඳහා වැය වන පිරිවැය අධික ලෙස ඉහළ යෑම ධීවර වරාය නීතිගත සංස්ථාවේ සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි සෘණාත්මකව බලපෑවේය.
(viii) ඔව්.
(ix) 2026 අය වැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 1,610ක මුදලක් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත ලැබී ඇති අතර, ධීවර වරාය සංවර්ධනය කර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතී.
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් සිදු කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති - 2026
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks