පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-24
අසන ලද්දේ
ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පෞද්ගලීකරණය කරන ලද ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ ඇති වතු සංඛ්‍යාව 398කි. මේ වතු 398 හැදෙන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් බදු දී ඇති වතු 204ක් සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් බදු දී ඇති වතු 194ක එකතුවෙන්.
ඊට අමතරව රජය සතු වැවිලි සමාගම් තිබෙනවා. ඒ හලාවත වැවිලි සමාගම, ඇල්කඩුව වැවිලි සමාගම හා කුරුණෑගල වැවිලි සමාගමයි. ඒ යටතේ වතු 32ක් තිබෙනවා. ඒ වතු 32 ලබා දී තිබෙන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් වතු 22ක් හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් වතු 10ක් බැගිනුයි.
ඊට අමතරව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතුව මේ වනකොටත් වතු 16ක් පවතිනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ වතු 17ක් පවතිනවා.
(ii) ඇමුණුම 01 මඟින් දක්වා ඇත. එය දීර්ඝ ඇමුණුමක් බැවින් සභාගත* කරනවා.
(iii) ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත වසර 53ක කාලයක් සඳහා ඉහත සියලු වතු බදු දී තිබෙනවා. ඒ අනුව සියලු වතුවල බදු කාලය 1992 වර්ෂයේ ජූනි සිට 2045 වර්ෂයේ ජූනි දක්වා බලපැවැත්වෙනවා.
(iv) එක් එක් වතුයායන් වශයෙන්, ඒවායේ සේවය කරනු ලබන මුළු සේවක සංඛ්‍යාව ස්ථිර හා තාවකාලික වශයෙන් කාණ්ඩ කරලා දක්වන්න පුළුවන්. 2025 වර්ෂයට අදාළ මුළු සේවක සංඛ්‍යාව සම්බන්ධව ප්‍රාදේශීය වැවිලි සමාගම් අප වෙත යොමු කර ඇති තොරතුරු ඇමුණුම 02 මඟින් දක්වා තිබෙනවා.
ඇමුණුම 02
මුළු එකතුව සඳහන් කළොත්, වැවිලි සමාගම්වල ස්ථිර සේවක සංඛ්‍යාව 76,044ක් වෙනවා. ඒ කියන්නේ, ප්‍රාදේශීය වැවිලි සමාගම් 24ක. තාවකාලික සේවක සංඛ්‍යාව 18,955ක් වෙනවා.
(ආ) (i) වැවිලි සමාගම් සතුව තිබෙන භූමි ප්‍රමාණය සම්බන්ධව තමයි මේ ප්‍රශ්නයෙන් අසා තිබෙන්නේ. මම පිළිතුර දෙන්නේ 2023/2024 වර්ෂයට අදාළ සංඛ්‍යා තොරතුරුවලට අනුවයි. ඒ අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් සතුව සහ රජයේ වැවිලි සමාගම් සතුව තිබෙන මුළු භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 229,932.44යි. ඒ මුළු භූමි ප්‍රමාණයෙන් ලැයිම් කාමර, කර්මාන්තශාලා, මාර්ග, පිට්ටනි ආදියට යට කරලා තිබෙන භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 18,884.55යි. ඒ භූමි ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට ගත්තොත්, මුළු භූමි ප්‍රමාණයෙන් 8.21ක්.
(ii) ඇමුණුම 03 මඟින් දක්වා ඇත.
(iii) ඔව්. ඉහත ප්‍රාදේශීය වැවිලි සමාගම් 1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනතේ හා 1982 අංක 17 දරන සමාගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පිහිටුවන ලද පෞද්ගලික සමාගම් බැවින්, රාජ්‍ය විගණන කටයුතු සිදු නොකරයි. පෞද්ගලික විගණන සමාගම් විසින් විගණනය කරනු ලබන අතර ඔවුන්ගේ වාර්ෂික වාර්තාවල ඒ බව සඳහන් වේ.
(iv) අදාළ නොවේ.
(ඇ) පෞද්ගලික වැවිලි සමාගම්වලට අදාළව මූල්‍ය ප්‍රකාශන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නෛතික අවශ්‍යතාවක් පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-06-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks