පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1930/2026
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2024 අංක 43 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත මඟින්, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 9(අ) වගන්තිය සංශෝධනය කර පැමිණිලිකරුගේ පදිංචිය මත පදනම්ව දිසා අධිකරණයේ නඩු පැවරීම සඳහා හැකියාව ලබාදීම නුසුදුසු බවත්;
(ii) ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් එම 9(අ) වගන්තිය සංශෝධනය කර නීතිය පෙර පැවති තත්ත්වයට පත් කළ යුතු බවට ඉල්ලීමක් කර ඇති බවත්;
(iii) එම සංශෝධනය කඩිනමින් සිදු කරන බවට පාර්ලිමේන්තුව අමතමින් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) එසේ නම්, ඒ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-18
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks