E   |     |  

 දිනය: 2026-04-24   පිළිතුර ලබා දී ඇත 

1926/2026: නාගොඩ ප්‍රා.ලේ. කොට්ඨාසයේ "ඇප්තොප් වත්ත": විස්තර

ගරු ටී.කේ. ජයසුන්දර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)        (i)      ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘ඇප්තොප් වත්ත’ රජයේ ඉඩමක් බව පිළිගන්නේද;

             (ii)      එම ඉඩම අතීතයේ සිට මේ දක්වා පවරා ඇති ආකාරය කවරේද;

  (iii) එම ඉඩමේ බිම් ප්‍රමාණය කොපමණද;

(iv) මේ වනවිට මෙම ඉඩමේ පදිංචිකරුවන් සංඛ්‍යාව කොපමණද;

(v) එම පදිංචිකරුවන් විසින් භුක්ති විඳින බිම් ප්‍රමාණය කොපමණද;

(vi) පදිංචිවී නොමැති, වගා කටයුතු පමණක් සිදු කරන සංඛ්‍යාව කොපමණද;

(vii) ඔවුන් භුක්ති විඳින බිම් ප්‍රමාණය කොපමණද;

(viii) ඉහත ඉඩමේ දළ සැලැස්ම ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) ඉහත ඉඩම තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් හඳුනාගෙන ඇති අවදානම් ‍කලාප පිහිටා තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-04-24

අසන ලද්දේ

ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)      ඔව්.

              (ii)      1921 වන විට රජය සතුව පැවති මෙම ඉඩම ෂෝ වොල්ස් සමාගම - Show Wallace and Company - වෙත 99 අවුරුද්දක් සඳහා බදු දී ඇති අතර, එකී සමාගම විසින් එම බදු අයිතිවාසිකම ඇප්තෝප් වතු සමාගම වෙත පවරා ඇත. පසුව 1999 වසරේදී ඉඩම් අත්කර ගැනීමේ පනතේ 38(අ) අතුරු විධානය යටතේ මෙම ඉඩම රජයට අත්පත් කරගෙන ඇත.

              (iii)      අක්කර 467යි, රූඩ් 01යි, පර්චස් 26යි.

              (iv)      පදිංචිකරුවන් සංඛ්‍යාව 72කි.

                (v)      මැනුම් කටයුතු සිදු කර නොමැති බැවින් පදිංචිකරුවන් භුක්ති විඳින ප්‍රමාණ නිශ්චිතව සඳහන් කළ නොහැක. මෙම ඉඩම මැනුම් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරි වෙත මැනුම් ඉල්ලීම් අංක 2130, 2025.07.31 දිනෙන් මැනුම් ඉල්ලීම යොමු කර ඇති අතර, 2025.10.13 හා 2026.04.20  දිනැතිව සිහි කැඳවීම් ලිපි ද නාගොඩ ප්‍රාදේශීය ලේකම් විසින් යොමු කර ඇත.

      (vi) වගා කටයුතු කරන සංඛ්‍යාව 608කි.

     (vii) මැනුම් කටයුතු සිදු කර නොමැති බැවින් වගා කටයුතු කරන බිම් ප්‍රමාණය නිශ්චිතව සඳහන් කළ නොහැක.

     (viii) අත්පත් කර ගැනීමේ පනතේ 6වැනි වගන්තිය යටතේ සකස් කරන ලද අ.ග.පි. 528හි කැබලි අංක 1404 හා 1405 පිඹුර මඟින් මෙම ඉඩම නිරූපණය වේ.  (ඇමුණුමෙහි** දක්වා ඇත.)

(ආ) ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් අවදානම් කලාප හඳුනාගෙන නොමැත.

(ඇ) හඳුනාගත් අවදානම් කලාප නොමැති අතර, පදිංචිකරුවන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඉඩම්වල අවදානම ඉවත් කිරීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වෙත යොමු කර නිර්දේශ ලබාගෙන ඒ අනුව කටයුතු කර ඇත.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks