පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-24
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන විසින් සිදු කරන ලද මූලික සමාජ ආර්ථික සමීක්ෂණයට අනුව නේවාසික හා නේවාසික නොවන ඉදිකිරීම් 93ක් හඳුනාගෙන ඇත. එයින් 83ක් නේවාසික ඉදිකිරීම් ලෙස සූදානම් කරමින් පවතී.
(iii) බලපෑම්ලාභී පවුල් ඒකක 75ක් සඳහා නිවාස අනුමත වී ඇත. මීට අමතරව නිවාස ඒකක 8ක් සඳහා දුක්ගැනවිලි විසඳීමේ කමිටුව වෙත ඉදිරිපත් කර පදිංචිය පිළිබඳ නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව හිමිකම් ඇගැයීමේ කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.
(iv) නැත.
එදිරිසිංහ පාරේ සිට නාවින්න දක්වා කොටසේ අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා ආරම්භයේ සිටම නාගරික සංවර්ධන අධිකාරියේ කොළඹගේ මාවත අදියර 1 නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට සැලසුම් කර තිබිණි. එහෙත්, එම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ව්‍යාපෘති කාල සීමාව තුළ එම නිවාස සංකීර්ණයේ නිවාස ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින්, ඒ සඳහා චීන ආධාර නිවාස ව්‍යාපෘතිය මඟින් මහරගම-කටුවාවල ප්‍රදේශයේ ඉදිකරනු ලබන නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සිදු කරමින් පවතී. එබැවින්, මෙම ව්‍යාපෘතිය මඟින් මාලිගාවත්ත ප්‍රදේශයෙන් නිවාස ලබා දීමට සැලසුම් කර නොමැත.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එරංග ගුණසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks