E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1909/2026: 2015 සිට කුරුඳු අපනයන: වාර්ෂික ආදායම

ගරු බී. ආරියවංශ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා කුරුඳු අපනයනයෙන් ඉපැයූ ආදායම වාර්ෂිකව   වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       මේ වනවිට කුරුඳු වගාවේ නිරතව සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;

(iii) කුරුඳු වගාකරුවන් මුහුණ දෙන ගැටලු විසඳීමට සහ කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කව‍රේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු බී.ආරියවංශ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)     

 

වර්ෂය

අපනයන ආදායම රුපියල් මිලියන

අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන

2015

17,959

132

2016

23,177

159

2017

30,873

203

2018

34,853

214

2019

31,463

176

2020

38,219

206

2021

45,879

248

2022

71,716

217

2023

70,064

214

2024

67,982

226

2025

79,932

260

2026 මැයි දක්වා

35,640

108

 

 

(ii) ආසන්න වශයෙන් 35,000කි.

(iii) (a) කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස කුරුඳු කර්මාන්තය සදහා වෙන් වූ වෙනම ආයතනික ව්‍යුහයක් ස්ථාපනය කර තිබීම.

(b) ලෝක වෙළෙඳ පොළේ ශ්‍රී ලංකා කුරුඳු සඳහා ඇති ඉල්ලුම වර්ධනය වන බැවින් සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල කුරුඳු වගා කිරීම ආරම්භ කිරීම.

(c) කුරුඳු වගා කරන ගොවීන් වෙත සහනාධාර පදනම යටතේ ගුණාත්මක කුරුඳු පැළ නිකුත් කිරීම.

(d) කුරුඳු සැකසුම් කාර්මික ශිල්පීන්ගේ හිඟය මඟ හැරලීම සඳහා කුරුඳු කාර්මික ශිල්පීන් පුහුණු කිරීම.

(e) කුරුඳු සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවීම. ඒ හා සම්බන්ධ උපකරණ, යන්ත්‍ර මිලදී ගැනීම සඳහා ආයෝජන ආධාර ලබා දීම.

(f) ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතික කුරුඳු කර්මාන්තකරුවන්ට ලබා ගැනීම සඳහා ආයෝජන ආධාර ලබා දීම.

(g) කුරුඳු වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම.

· පාළු සිටුවීම සඳහා ආයෝජන ආධාර ලබා දීම.

· ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතිය / විසුරුම් ජල සම්පාදන පද්ධති කුරුඳු වගාකරුවන්ට හඳුන්වා දීම සහ ඒ සඳහා ආයෝජන ආධාර ලබා දීම.

· පෘෂ්ඨවංශික පරපෝෂිතයින්ගෙන් හානි වැළැක්වීම සඳහා ආරක්ෂිත වැට / සූර්ය කෝෂ විදුලි වැට ලබා ගැනීමට ආධාර සැපයීම.

 (ආ)   අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks