පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1908/2026
ගරු බී. ආරියවංශ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ගොරකා වගාකරන බිම් ප්‍රමාණය කොපමණද;
(ii) ගොරකා මිල නිරන්තරයෙන් උච්චාවචනය වීම හේතුවෙන් වගාකරුවන් පීඩාවට පත්වන බව පිළිගන්නේද;
(iii) එසේ නම්, ඔවුන් මුහුණ දෙන ගැටලු විසඳීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-22
අසන ලද්දේ
ගරු බී.ආරියවංශ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2025 වසර වනවිට වගා කරන ලද ගොරකා වගා බිම් ප්‍රමාණය ඇමුණුම මඟින් දක්වා ඇත.
ඇමුණුම
|
District |
2025
|
|
Colombo |
18 |
|
Gampaha |
38 |
|
Kalutara |
217 |
|
Kandy |
270 |
|
Matale |
115 |
|
Nuwara Eliya |
41 |
|
Galle |
93 |
|
Matara |
100 |
|
Hambantota |
222 |
|
Jaffna |
3 |
|
Mannar |
3 |
|
Vavuniya |
3 |
|
Mullaitivu |
3 |
Estimated Extent (ha) of Garcinia by Districts
|
District |
2025 |
|
Kilinochchi |
10 |
|
Batticaloa |
10 |
|
Ampara |
14 |
|
Trincomalee |
- |
|
Kurunegala |
217 |
|
Puttalam |
12 |
|
Anuradhapura |
20 |
|
Polonnaruwa |
13 |
|
Badulla |
149 |
|
Monaragala |
85 |
|
Ratnapura |
229 |
|
Kegalle |
310 |
|
Sri Lanka |
2,195 |
(ii) ඔව්.
(iii) a) අපනයන කෘෂි ගම්මාන පිහිටුවීම.
b) ගොරකා වෙළෙඳ පොළ මිල ගණන් පිළිබඳ තොරතුරු පුවත්පත්වල පළ කිරීම හා වෙබ් අඩවිය හා වෙනත් මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීම.
c) නව වගා වැඩසටහන යටතේ ගොවීන් වෙත ගොරකා පැළ නොමිලයේ ලබා දීම හා ආයෝජන ආධාර ලබා දීම.
d) ගෙවතු වගා වැඩසටහන යටතේ ගොරකා පැළ ලබා දීම.
e) ගොරකා වගාව පිළිබඳ රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් මඟින් තාක්ෂණික තොරතුරු ලබා දීම.
f) ගොවි පුහුණු, ආදර්ශන හා පුහුණු වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීම.
g) ගොරකා වගාව පිළිබඳ පර්යේෂණ පැවැත්වීම හා තාක්ෂණික දැනුම ලබා දීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks