logo

02

E   |     |  

 දිනය: 2026-05-08   පිළිතුර ලබා දී ඇත 

1906/2026: හඟුරන්කෙත, පල්ලේමළුව ග්‍රා.නි. වසමේ පුරාවිද්‍යා සංරක්ෂිත කලාපයේ ජීවත් වන පවුල්: හිමිකම් ඔප්පු ලබාදීම

ගරු ආර්.ජී. විජේරත්න මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේමළුව ග්‍රාම නිලධාරි වසමේ පවුල් 43ක් පදිංචිවී සිටින ප්‍රදේශය පුරාවිද්‍යා සංරක්ෂිත කලාපයක් ලෙස ගැසට් කර ඇති බව දන්නේද;

(ii) ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට බාධා සිදුවී ඇති බව පිළිගන්නේද;

(iii) එම ඉඩම් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් ඔප්පු ලබා දීම ප්‍රමාදවී ඇත්තේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව නොමැති වීම හේතුවෙන් බව දන්නේද;‍‍‍

(iv) මෙම කාරණය සම්බන්ධයෙන් යම් සහනදායි පියවරක් ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-08

අසන ලද්දේ

ගරු ආර්.ජී. විජේරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      නැත.

            (iii)      ඔව්.

                        ගරු මන්ත්‍රීතුමනි, පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් තුළ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන්ට ස්ථිර ලෙස මෙම භූමිය බෙදා වෙන්කර දීම ගැටලුසහගත මෙන්ම, පුරාවිද්‍යා ආඥාපනත ප්‍රකාරව එසේ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත නෛතික බලයක් ද නොමැත.

(iv) මෙම සංරක්ෂිත භූමියේ පදිංචි ජනතාවගේ මානුෂික අවශ්‍යතා මත දැනට පවතින ඉදිකිරීම්වල ප්‍රතිසංස්කරණ සහ නවාංග එකතු කිරීම වැනි කාර්යයන් සඳහා පුරාවස්තු ආඥා පනත යටතේ අනුමැතිය ලබා දෙනු ලැබේ.

එම භූමියේ නව ඉදිකිරීම්, පතල් කැණීම්, ගල් කැඩීම් සහ පිපිරවීම් යන කාර්යයන් සඳහා පුරාවස්තු ආඥා පනත යටතේ අවසර ලබා දීමට හැකියාවක් නොමැත.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks