පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-09
අසන ලද්දේ
ගරු ආර්.ජී. විජේරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හඟුරන්කෙත තානායම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් තානායම් 37න් එකක් වන බැවින් එය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වේ.
(ii) තානායම් සඳහා සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂාවන්හිදී නීති විරෝධී කටයුතු සිදු වන බව අනාවරණය වී නොමැත.
(ආ) (i) ජයලත් මුදියන්සේලාගේ ජයලත් බණ්ඩාර දිසානායක මහතා.
(ii) අධ්‍යක්ෂ මණ්ඩල තීරණ 2008.05.13 සහ අමාත්‍යාංශ ලේකම්ගේ 2008 මැයි 26 දිනැතිව ලද අනුමැතිය මත බදුකරුවන් ගෙන්වා කරන ලද සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තානායම බදු දී ඇත.
(iii) ගිවිසුම් අංක 54 යටතේ 2008 අප්‍රේල් 01 සිට 2018 මාර්තු 31 දක්වා
ගිවිසුම් අංක 157 යටතේ 2018 අප්‍රේල් 01 සිට 2020 මාර්තු 31 දක්වා
ගිවිසුම් අංක 190 යටතේ 2020 අප්‍රේල් 01 සිට 2028 මාර්තු 31 දක්වා
(iv) නිකේතන කළමනාකරණ අංශයේ නිලධාරින් වරින් වර බදු පදනම මත දෙන ලද තානායම් සඳහා ක්ෂේත්‍ර පරීක්ෂාවන් සිදු කරන අතර, එහිදී තානායමක් පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අනුමත මාර්ගෝපදේශ මත පවත්වාගෙන යනවාද යන්න පරීක්ෂා කරනු ලබයි. එහිදී පවතින අඩුපාඩු පෙන්වා දී ඒවා සියල්ල සම්පූර්ණ කර දේශීය සංචාරකයන්ට නවාතැන් ලබා ගත හැකි අයුරින් ඉතාමත් ඵලදායි ආකාරයට පවත්වාගෙන යන ලෙස තරයේ උපදෙස් දෙනු ලබයි.
තවද, මෙම තානායම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති බැවින් තානායමේ වාර්ෂික ආදායමෙන් සියයට එකක මුදලක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන බදු මුදල් ලෙස අය කර ගන්නා බැවින්, එමඟින්ද සංචාරක සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා ගනී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks