පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-10
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) සඳරුවන් මදරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) නිවාස ව්‍යාපෘති 02කි.
(iii) 1. ගුණපාල තිස්සකුට්ටිආරච්චි ගම
2. ටෙනිසන් එදිරිසූරිය ගම
(iv) • ගුණපාල තිස්සකුට්ටිආරච්චි ගම
නිවාස සංඛ්‍යාව : 24
ආරම්භ කළ වර්ෂය : 2018
වියදම් කරන ලද මුදල : රුපියල් මිලියන 2.16යි
වර්තමාන තත්ත්වය :
එක් ප්‍රතිලාභියෙක් සඳහා රුපියල් 90,000ක් බැගින් ලබා දී අත්තිවාරම් දමා ඇති නමුත් මේ වන විට අඩි 10ක්, 15ක් පමණ වැඩුණු කැලෑවකින් වැසී ගොස් ඇත.
• ටෙනිසන් එදිරිසූරිය ගම
නිවාස සංඛ්‍යාව : 24
ආරම්භ කළ වර්ෂය : 2018
වියදම් කරන ලද මුදල : රුපියල් මිලියන 2.16යි
වර්තමාන තත්ත්වය :
එක් ප්‍රතිලාභියෙක් සඳහා රුපියල් 90,000ක් බැගින් ලබා දී අත්තිවාරම් දමා ඇති නමුත් මේ වන විට අඩි 10ක්, 15ක් පමණ වැඩුණු කැලෑවකින් වැසී ගොස් ඇත.
(v) ඔව්.
(vi) මෙම නිවාස ව්‍යාපෘති ඉදිකර ඇති ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඒවා වන අතර, එවකට ගම්මාන දෙක ආරම්භ කිරීමේදී මෙම ඉඩම්වල අලි ඇතුන් හා වන සතුන් ගැවසී ඇති අතර, එවැනි රක්ෂිත භූමි ප්‍රදේශයක් මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා යොදාගෙන ඇත.
අදාළ භූමි ප්‍රදේශය රක්ෂිත භූමියක් වන හෙයින් ඊට ඇතුළත් නොවන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා එවා ඇති බැවින්, මෙම ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
මේ වන විට මෙම ගම්මාන දෙකෙහි ප්‍රතිලාභින් වෙත වෙනත් ඉඩමක් ලබා දිය හැකිද යන්න සොයා බලන ලෙස ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් වෙතින් විමසීම් ද කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. සරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks