පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-06-25
අසන ලද්දේ
ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සහ (ii) ඔව්.
• අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල වෙරළ ඛාදන තත්ත්වයක් වාර්තා වී ඇත. මෙම වෙරළ ඛාදන තත්ත්වය ගෝලීය වශයෙන් පවතින දේශගුණික විපර්යාස මත මෙන්ම නැඟෙනහිර පළාතේ ඔලුවිල් වරාය ඉදිකිරීමත් සමඟ ඇති වී ඇති තත්ත්වයක් වේ.
• මාලිගායික්කාඩු සුසාන භූමිය වෙරළ ඛාදනය වීමෙන් මළ සිරුරු කීපයක කොටස් නිරාවරණය වීමක් පිළිබඳව වාර්තා වී ඇත. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වී කළුගල් යොදා ගනිමින් හදිසි වෙරළාරක්ෂක ඉදිකිරීම මඟින් එම තත්ත්වය පාලනය කරන ලදී.
• සුසාන භූමියක මළ සිරුරු කොටස් නිරාවරණය වීමෙන් ඇති විය හැකි සමාජීය හා පාරිසරික බලපෑම පිළිබඳව වැඩි අවධානයක් යොමුකොට මෙම සුසාන භූමිය පිහිටි මුළු ඉඩම් කොටසම ආවරණය වන පරිදි මීටර් 120ක් දිග වෙරළාරක්ෂක රිවට්මන්ට් බැම්ම ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මෙම ස්ථිර විසඳුම සඳහා රුපියල් මිලියන 15.2ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
(ආ) (i) ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ දැනට වෙරළ ඛාදන තත්ත්වයන් වාර්තා වන හා ඉදිරියේදී වෙරළ ඛාදනය විය හැකි බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල වෙරළ ඛාදන හානි වැළැක්වීම සම්බන්ධයෙන් පහත සඳහන් ක්‍රියාමාර්ග මේ වනවිටත් සිදු කරමින් පවතී.
කෙටි කාලීන විසඳුම්:
හදිසි වෙරළ ඛාදනය වාර්තා වූ අවස්ථාවේදීම, කෙටි කාලීන විසඳුම් ලෙස වෙරළ ඛාදනය අවම කිරීම සඳහා හදිසි වෙරළාරක්ෂක උපක්‍රම වශයෙන් ඛාදනය වන ප්‍රදේශ ආවරණය වන පරිදි කළුගල් යොදා වෙරළ ඛාදනය අවම කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී. මෙලෙස ඇති විය හැකි හදිසි වෙරළ ඛාදන තත්ත්වයන්ට කඩිනම් පිළියම් යෙදීම සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 20ක ප්‍රතිපාදන ලබා දී ඇත.
දිගු කාලීන විසඳුම්:
1. නින්දවූර්, අඩ්ඩප්පලම් වෙරළ තීරයේ මීටර් 500ක් පමණ ආවරණය වන පරිදි ග්‍රොයින ව්‍යුහ 04ක ඉදිකිරීම් මේ වන විට අවසන් කොට ඇත. ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 20.2කි.
2. කල්මුණේ වෙරළ තීරයේ ඛාදන තත්ත්වයට පිළියම් ලෙස කිලෝමීටර් 1.4ක ප්‍රදේශයක විහිදී ඇති නිවාස, අභ්‍යන්තර මාර්ග, ධීවර ගොඩනැඟිලි සහ මහජන දේපළ ආරක්ෂා වන පරිදි ජනාධිපති කාර්යාලයීය විශේෂ ප්‍රතිපාදන හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වෙන් කර ඇති අය වැය ප්‍රතිපාදන මඟින් ඉදි කරමින් පවතින ග්‍රොයින ශ්‍රේණියෙහි ඉදිකිරීම් කටයුතු සියයට 90ක් පමණ අවසන් කොට ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මේ දක්වා රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් වියදම් කොට ඇති අතර, තවත් රුපියල් මිලියන හයක පමණ මුදලකින් එම ඉදිකිරීම් අවසන් කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.
3. කල්මුණේ ඉදිකරමින් පවතින ග්‍රොයින ශ්‍රේණියට අමතරව, ආගමික සිද්ධස්ථානයක් වන කල්මුණේ ජුම්මා පල්ලිය අසළ මීටර් 150ක් දිග වෙරළාරක්ෂක රිවට්මන් බැම්මක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇත. ඒ සඳහා අපේක්ෂිත වියදම රුපියල් මිලියන 36ක් පමණ වේ. "දිට්වා" සුළි කුණාටු තත්ත්වය නිසා විනාශ වූ ස්ථාන යළි ආරක්ෂිතව නඟා සිටුවීම සඳහා වන විශේෂ ව්‍යාපෘතිය මඟින් මේ සඳහා මුදල් ලබා දීම සිදු කරනු ඇත.
4. මින් පෙර සඳහන් කළ කාරතීවු - මාලිගායික්කාඩු සුසාන භූමිය වෙරළ ඛාදනයෙන් ආරක්ෂා කිරීමට මීටර් 120ක් දිග වෙරළාරක්ෂක රිවට්මන් බැම්ම ඉදිකිරීම සඳහා අවශ්‍ය කළුගල් ද්‍රව්‍ය හා ඉදි කිරීම් යන්ත්‍ර යොදා වැඩ බිම මේ වන විට ආරම්භ කර ඇත. මේ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 15.2ක ප්‍රතිපාදන පසුගිය අය වැය මඟින් වෙන් කර ලබා දී ඇත.
5. මීට අමතරව, ඉදිරි වර්ෂ 03ක කාලය තුළ ඔලුවිල් වරායේ සිට කල්මුණේ දක්වා කිලෝමීටර 16.5ක වෙරළ තීරයේ වෙරළ ඛාදනයන් අපේක්ෂිත වෙරළ තීරයන් හඳුනා ගනිමින් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් ඊට සුදුසු වෙරළාරක්ෂක ඉදිකිරීම් සැලසුම් සකස්කොට ඇත. මෙම ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති යෝජනා මේ වනවිටත් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත පරිසර අමාත්‍යාංශය මඟින් යොමු කොට ඇත.
(ii) · එම ව්‍යාපෘති යෝජනාව මඟින් කාරතීවු, නින්දවූර් සහ අඩ්ඩප්පලම් යන වෙරළ තීරයන්හි ස්ථිර වෙරළාරක්ෂක ව්‍යුහ ඉදිකිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ඉදිරි සැලසුම් ඇතුළත් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks