01

E   |     |  

 දිනය: 2026-04-10   පිළිතුර ලබා දී ඇත 

1884/2026: අම්පාර වෙරළ තීරය: ඝන අපද්‍රව්‍ය කළමනාකරණය

.

අසන ලද දිනය

2026-04-10

අසන ලද්දේ

ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       ඔව්.

              (ii)       ඔව්.

(ආ)       (i)      ·    දෛනික කසළ රැස් කිරීමේ සහ බැහැර කිරීමේ සේවා ශක්තිමත් කිරීම.

                     ·    තාවකාලික නොදිරන කසළ රැස් කිරීමේ මධ්‍යස්ථාන පවත්වා ගැනීම.

                     ·    මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම.

                     ·    නිරන්තර අධීක්ෂණ යන්ත්‍රණයක් ක්‍රියාත්මක කරවීම.

                     ·    අනෙකුත් පළාත් පාලන ආයතනවල සහයෝගයෙන් ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

· අෂ්රෆ් නගර් සනීපාරක්ෂක බිම් පිරවුම කාර්යක්ෂමව භාවිතයට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

(ii) ඔව්.

ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රවේශයක් මඟින් විදුලිය උත්පාදනය, ජීව වායු නිෂ්පාදනය, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සහ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අෂ්රෆ් නගර්හි පිහිටි කසළ රඳවනය සහ එයට අදාළ යටිතල පහසුකම් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ලනෝ බයෝ ගෑස් ඔලුවිල් (පුද්ගලික) සමාගම වෙත කොන්දේසි සහිත අවබෝධතා ගිවිසුමක් මඟින් පවරා දී විධිමත් පරිදි කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට 2026.03.17 දිනැති මහා සභා තීරණය මඟින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇත.

(ඇ) අදාළ ‍නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. රුවන් සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks