පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-10
අසන ලද්දේ
ගරු ජගත් විතාන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කළුතර බන්ධනාගාරයේ පමණක් නොව අනෙකුත් බොහෝ බන්ධනාගාර ආයතන තුළද රැඳවිය හැකි ජනගහනය ඉක්මවා රඳවා ඇති බැවින් තදබදයක් නිර්මාණය වී ඇත. මෙය දීර්ඝ කාලයක් තිස්සේ පවතින තත්ත්වයකි. ඒ අනුව මේ වනවිට ඉඩකඩ පවතින බන්ධනාගාර ආයතන කිහිපයක ගොඩනැඟිලි ඉදි කරමින් පවතින අතර කළුතර බන්ධනාගාරය තුළද දෙමහල් ගොඩනැඟිලි දෙකක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතී.
(ii) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර නියාමක තනතුර සඳහා බඳවා ගැනීම්වලට අදාළව 2025 වර්ෂයේදී නියාමක නිලධාරින් 317ක්ද, ස්වේච්ඡා බලසේනාවෙහි සේවයෙහි නියුතු හමුදා නිලධාරින් 13ක්ද බඳවාගෙන ඇත. තවද, නියාමක තනතුරු 544ක් බාහිර බඳවා ගැනීම සඳහා ලිඛිත විභාගය පවත්වා ප්‍රතිඵල නිකුත් කර ඇති අතර ශාරීරික යෝග්‍යතාව ඇගැයීමේ සම්මුඛ පරීක්ෂණය 2026.02.13, 14, 15 සහ 20, 21, 22 දිනවල පවත්වා ඇත. නියාමක තනතුරු 26ක් සඳහා අභ්‍යන්තර උසස් කිරීම මඟින් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති අතර යෝග්‍යතා ඇගැයීම් සම්මුඛ පරීක්ෂණය 2026 මාර්තු මස පැවැත්වීමට නියමිතය. මෙම නව නිලධාරින් මාස 03ක පුහුණුවෙන් පසු ජූනි මස අවසන් වනවිට බන්ධනාගාරවලට අනුයුක්ත කිරීමට කටයුතු කරනු ලැබේ.
2024.12.31 දිනට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සැරයන් තනතුරේ පිරිමි 338ක් හා කාන්තා 18ක් පුරප්පාඩුව පවතින අතර එම පුරප්පාඩු පිරවීම සඳහා අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, සැරයන් පිරිමි තනතුරු 225ක් හා කාන්තා තනතුරු 12ක් ජ්‍යෙෂ්ඨතාව හා කුසලතාව මත උසස් කිරීම සඳහා නියාමක නිලධාරින් අතුරින් අයදුම්පත් කැඳවා ඇති අතර එම අයදුම්පත් තේරීමේ කටයුතු සඳහා දෙපාර්තමේන්තු කමිටුවක් වෙත යොමු කර ඇත. එම කටයුතු අවසන් වීමෙන් පසු සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමේ කටයුතු සිදු කිරීමට නියමිතව ඇති අතර 2026 ජූනි මස නිලධාරින් උසස් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
ලිඛිත විභාගය මත සැරයන් පිරිමි තනතුරු 113ක් හා කාන්තා තනතුරු 6ක් සම්පූර්ණ කිරීම සඳහා කැඳවීමේ නිවේදනය විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි පළ කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ 2026.02.25 දින සිට 2026.03.25 දින දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලැබේ. එම විභාගය 2026 ජූනි මස විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වීමට නියමිතව ඇත.
(iii) මෙම තත්ත්වය කළුතර බන්ධනාගාරයේ පමණක් නොව වෙනත් බන්ධනාගාර ආයතන තුළද පවතින තත්ත්වයක් වන අතර ඉහත සඳහන් කළ නව බඳවා ගැනීම් තුළින් හා උසස් කිරීම් මඟින් නිලධාරින්ට දින කීපයක් අඛණ්ඩව සේවය කිරීමට සිදු වන තත්ත්වය සමනය කිරීමට හැකි වනු ඇත.
(iv) බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා 2013 වර්ෂයේ අනුමත කරන ලද කාර්ය මණ්ඩලය දැනට සිටින රැඳවියන් සංඛ්‍යාව හා කාර්යභාරය ඉටු කිරීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ නිලධාරි හිඟතාවක් පවතී. මෙම හිඟතාව හේතුවෙන් ස්ථාන මාරුවීම්වලදී කළුතර ආයතනයට අනුමත නිලධාරින් සංඛ්‍යාවට ගැළපෙන පරිදි නිලධාරින් අනුයුක්ත කිරීමට අපහසුතාවක් මතුව ඇත. එකී හේතු මත අනෙක් බොහෝ බන්ධනාගාර ආයතනවලටද ප්‍රමාණවත් නිලධාරින් සංඛ්‍යාවක් අනුයුක්ත කිරීමට අපහසු වී ඇත. එහෙත් පවතින නිලධාරි හිඟතාව ඉදිරි බඳවා ගැනීම්වලදී හා ස්ථාන මාරුවීම්වලදී සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ. තවද, නිලධාරි හිඟතාවක් ආයතන තුළ පැවතියද නිලධාරින් එකම සේවා ස්ථානයක දිගු කාලයක් රැඳී සිටීම සම්බන්ධයෙන් විගණන විමසුම්වලින් පවා කරුණු පෙන්වා දී ඇති අතර ඒ අනුව වාර්ෂික ස්ථාන මාරුවීම් සිදු කරන බවත් වැඩිදුරටත් වාර්තා කරමි. තවද, 2026.01.09 දිනෙන් පසුවද තවත් නිලධාරින් 11දෙනෙකු කළුතර බන්ධනාගාරයේ රාජකාරි කිරීමට හැකි වන පරිදි කටයුතු සිදු කර ඇත.
(v) ගාල්ල බන්ධනාගාරය සඳහා අනුමත නිලධාරි සංඛ්‍යාව 249කි. දැනට සිටින සංඛ්‍යාව 153ක් පමණ වේ. තවද, මාතර බන්ධනාගාරය සඳහා අනුමත නිලධාරි සංඛ්‍යාව 206කි. එහෙත් සිටින සංඛ්‍යාව 151ක් පමණ වේ. ඒ අනුව මෙම බන්ධනාගාර ආයතන තුළ නිලධාරින්ගේ අතිරික්තයක් නොමැත.
(vi) බන්ධනාගාරය තුළ පවතින රැඳවි තදබදය හා පවතින අනෙකුත් සම්පත් සීමාවන් නිසා ඇතැම් අවස්ථාවලදී අධිකරණ වෙත රැඳවියන් ඉදිරිපත් කිරීම යම් ප්‍රමාදයක් සිදු විය හැකි නමුත් එය දිනපතා සිදු වන තත්ත්වයක් නොවන අතර එය හුදෙක් නිලධාරි හිඟතාව නිසා පමණක්ම ඇති වන තත්ත්වයක්ද නොවේ. කෙසේ නමුත් මේ වනවිට එවැනි ප්‍රමාදයන් අවම කිරීමට කටයුතු කර ඇති බවද දන්වා සිටිමි. තවද මෙය කළුතර බන්ධනාගාරයේ පමණක් නොව අනෙක් බන්ධනාගාර ආයතනවලද විවිධ හේතු නිසා ඇති වන තත්ත්වයකි. කෙසේ නමුත් මේ වනවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව බස් රථ, වෑන් රථ ආදිය මිලදී ගැනීමටද කටයුතු කර ඇත. තවද ඉදිරියේදී නව බඳවා ගැනීම් හා උසස්වීම්ද සිදු කරන බැවින් මෙවැනි ප්‍රමාදයන් තවදුරටත් අවම කර ගැනීමට හැකි වනු ඇත.
එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා වර්තමානයේ අවශ්‍යව පවතින සේවක සංඛ්‍යාව පිළිබඳ කාර්ය මණ්ඩල සමාලෝචනයක්ද සිදු කරමින් පවතින අතර, ඒ අනුව ඉදිරියේදී අනුමත කාර්ය මණ්ඩලය වැඩි කර ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබා ගැනීමටද අපේක්ෂා කෙරේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks