පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1866/2026
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (2)
(අ) (i) ‘Clean Sri Lanka’ ජනාධිපති කාර්යසාධක බලකායේ වර්තමාන සාමාජිකයන් කවුරුන්ද;
(ii) එම ව්‍යාපෘතිය යටතේ මෙතෙක් ක්‍රියාත්මක කොට අවසන් කරන ලද ව්‍යාපෘති කවරේද;
(iii) එලෙස අවසන් කර ඇති ව්‍යාපෘති සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය කොපමණද;
(iv) එම ව්‍යාපෘති සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය එක් එක් ව්‍යාපෘතිය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2024.12.19 දිනැති අංක 2415/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ විස්තර කර ඇති I සිට IX දක්වාවූ එක් එක් කාර්යයේ මේ වනවිට ප්‍රගතිය සහ ඒ සඳහා වැය කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-03
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks