E   |     |  

 දිනය: 2026-03-03   පිළිතුර ලබා දී ඇත 

1865/2026: Operationalization of the 'Registration of Title Act' by the Ministry

1865/2026

ගරු අජිත් පී. පෙරේරා මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

 (අ)       (i)     1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ හිමිකම් සහතික ලබා දීම ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

(ii) මේ දක්වා එම පනත යටතේ ලබාදී ඇති හිමිකම් සහතික ප්‍රමාණය කොපමණද;

(iii) ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ මේ වනවිට සේවය කරන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 1998 අංක 21 දරන හිමිකම්  ලියාපදිංචි කිරීමේ පනතේ නීතිමය තත්ත්වය යාවත්කාලීන කිරීමට අපේක්ෂා කරන්නේද;

(ii) එසේ නම්, යෝජිත නීතිමය ප්‍රතිසංස්කරණ කවරේද;

(iii) එම නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-03-03

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks