E   |     |  

 දිනය: 2026-03-03   පිළිතුර ලබා දී ඇත 

1864/2026: Actions initiated by the Ministry in relation to the complaint against "Prasanna Auto Service"

1864/2026

ගරු අජිත් පී. පෙරේරා මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)       (i)     පානදුර, බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ‘ප්‍රසන්න ඔටෝ සර්විස්’ නම් ව්‍යාපාරය පිළිබඳව යොමු කරන ලද WP/KT/PPA/ WP-K/0119/2025 දරන පැමිණිල්ල ‍සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගෙන ඇති පියවර කවරේද;

(ii) එම පැමිණිල්ලට අදාළව ඉදිරි නීතිමය පියවර ගෙන තිබේද;

(iii) නොඑසේ නම්, එයට හේතු කවරේද;

(iv) පැමිණිල්ල විභාග කිරීමට ප්‍රමාද වීමට හේතුව කවරේද;

(v) එම පැමිණිල්ලට අදාළව ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-03-03

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks