E   |     |  

 දිනය: 2026-04-09   පිළිතුර ලබා දී ඇත 

1861/2026: 2019දී බඳවා ගත් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්: විස්තර

.

අසන ලද දිනය

2026-04-09

අසන ලද්දේ

ගරු රුවන් විජේවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2019 වර්ෂයේදී පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පුද්ගලයන් 3,888දෙනෙකු බඳවාගෙන ඇත.

              (ii)        අධ්‍යාපන සුදුසුකම්:

                          අපොස (සාමාන්‍ය පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයයන් 06ක් සමත් වී තිබීම.

                          වෘත්තීය සුදුසුකම්:

1. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පවත්වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගයකදී අවම වශයෙන් 3 වන ස්ථානය ලබා තිබීම.

 

හෝ

2. ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් පවත්වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී අවම වශයෙන් 3 වන ස්ථානය ලබා තිබීම.

 

හෝ

3. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වන පළාත් ක්‍රීඩා තරගවලදී අවම වශයෙන් 2 වන ස්ථානය ලබා තිබීම.

 

හෝ

4. ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සංගම් මඟින් පවත්වන ජාතික මට්ටමේ තරගයන්හි දී (පළාත් මට්ටම/දිස්ත්‍රික් මට්ටම හැර) අවම වශයෙන් 3 වන ස්ථානය ලබා තිබීම.

හෝ

5. ජාතික ශිෂ්‍යභට බලකායේ බාලක/බාලිකා යුධ, ගුවන්, නාවික, පොලිස් හා තූර්ය වාදක අංශයන්හි ශිෂ්‍යභට සැරයන් නිලධාරියෙක්/නිලධාරිනියක වීම.

කායික සුදුසුකම්

සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට හා තනතුරේ රාජකාරි ඉටු කිරීමට ප්‍රමාණවත් මනා ශාරීරික හා මානසික සෞඛ්‍යයෙන් යුක්ත විය යුතුය.

  ‍(iii) ක්‍රීඩා පුහුණුකරු තනතුරේ රැකියා විස්තරය අනුව තනතුරට අයත් රාජකාරි පහත පරිදි වේ.

1. පාසල් සිසුන්ගේ ක්‍රීඩා දක්ෂතා සංවර්ධනය සඳහා ක්‍රීඩා පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම හා පවත්වාගෙන යාම.

2. පාසලේ උදෑසන ශාරීරික සුවතා ව්‍යායාම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට දායක වීම.

3.  එක් එක් ශ්‍රේණි සඳහා නිකුත් කර ඇති ශාරීරික අධ්‍යාපන විෂය නිර්දේශයන්හි අන්තර්ගත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ශාරීරික අධ්‍යාපන ගුරු භවතාට ක්‍රීඩාංගණයේදී අවශ්‍ය සහයෝගය ලබාදීම, ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වීම.

4. පාසලෙහි ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒ හා සම්බන්ධ පවරන රාජකාරි ඉටු කිරීම හා සහාය ලබා දීම.

5. පාසලෙහි ක්‍රීඩා භාර ආචාර්යවරයා හෝ ශාරීරික අධ්‍යාපන ගුරුභවතා විසින් පවරන ක්‍රීඩා සම්බන්ධ රාජකාරි සඳහා සහාය වීම.

6. පාසල තුළ නිවාසාන්තර ක්‍රීඩා උත්සව සංවිධානය කිරීමට පූර්ණ සහාය ලබාදීම.

7. ක්‍රීඩා පුහුණුවීම් සඳහා දරුවන්ගේ සහභාගීත්වය වැඩි කරලීම සඳහා සුදුසු වැඩසටහන් පාසල තුළ ක්‍රියාත්මක කිරීම.

8.  පාසලේ විදුහල්පතිවරයා විසින් පවරනු ලබන තනතුරට අදාළ විෂය සමගාමී හා අනෙකුත් රාජකාරි කටයුතු ඉටු කිරීම.

(iv) දැනට සේවයේ නියුතු ක්‍රීඩා පුහුණුකරුවන් සංඛ්‍යාව 2,981කි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks