E   |     |  

 දිනය: 2026-03-19   පිළිතුර ලබා දී ඇත 

1860/2026: මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල්: ශ්‍රවණාගාර

.

අසන ලද දිනය

2026-03-19

අසන ලද්දේ

ගරු රුවන් විජේවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසල් 11ක් සහ පළාත් පාසල් 280කි. එය ඇමුණුම 01 සහ 02 මඟින් ඉදිරිපත් කර ඇත.

                        ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.

           (ii)      එම පාසල්වල ස්ථාපිත කර ඇති ශ්‍රවණාගාර සංඛ්‍යාව 10කි.

(ආ)         (i)      බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් ආරම්භ කළේ 2019 ජනවාරි 28වැනි දින.

(ii) ඒ සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 70.06කි.

(iii) ඔව්.

(iv) රටේ පැවති ආර්ථික අර්බුදය හමුවේ නව ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන සැලසීම සීමා වීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වල පන්ති කාමර අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් කටයුතු කර ඇත. නමුත්, මෙම ගොඩනැඟිල්ල අර්ධ වශයෙන් ඉදිකර තිබීම පාසල් ළමුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී තිබූ බැවින්, එය භාවිතයට ගත හැකි මට්ටමට ඉදිකර අවසන් කිරීමට කටයුතු කරන ලදී. මෙම ගොඩනැඟිල්ලේ ඉතුරු වැඩ නිම කිරීම සඳහා ඇස්තමේන්තු සකස් කර ඇති අතර, 2027 වර්ෂයේ එහි ඉතුරු වැඩ කොටස් සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks