පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1854/2026
ගරු රොෂාන් අක්මීමන මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, ත්‍රිකුණාමලය නගර සහ කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ධාන්‍යගම ප්‍රදේශයේ, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් නිවාස සංකීර්ණයක් තිබෙන බවත්;
(ii) එම නිවාස සංකීර්ණය නිසි පරිදි පරිපාලනය නොවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත නිවාස සංකීර්ණයේ මේ වනවිට පවතින නිවාස ඒකක සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිවාස ලබාදීමේ ක්‍රමවේදය සහ නිර්ණායක කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-07
අසන ලද්දේ
ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) දනිමි.
(ii) විධිමත් පරිදි පරිපාලනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.
(ආ) (i) 366කි.
(ii) 2016 වර්ෂයේ සිට පොරොත්තු ලේඛනයක් භාවිත කරමින් නිවාස ලබා දීම සිදු කර ඇති අතර, එහිදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිලධාරින් සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇත.
එසේ නමුත් මෙම නිවාස ලබා දීමේදී සිදු වී ඇති ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් සහ නිවාස නැවත පවරා ගැනීමට හා හිඟ මුදල් අය කර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරමින් පැවතීම හේතුවෙන් 2025 වර්ෂයේ සිට අලුතෙන් නිවාස ඒකක ලබා දීම තාවකාලිකව අත්හිටුවා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks