පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-09
අසන ලද්දේ
ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පවතින වාර්තාවලට අනුව මෙහෙයුම් ලාභය/(පාඩුව) පහත දැක්වෙන ආකාරයට වාර්තා කරනු ලැබේ.
|
වර්ෂය |
රුපියල් (මිලියන) |
|
2010 |
(382.94) |
|
2011 |
(532.28) |
|
2012 |
(248.91) |
|
2013 |
(242.26) |
|
2014 |
(220.64) |
|
2015 |
(229.07) |
|
2016 |
139.32 |
|
2017 |
317.46 |
|
2018 |
160.22 |
|
2019 |
278.37 |
|
2020 |
96.49 |
|
2021 |
(111.91) |
|
2022 |
1,176.09 |
|
2023 |
479.32 |
|
2024 |
926.03 |
(ii) වරාය අධිකාරිය සතු කිසිම ජැටියක් පෞද්ගලික සමාගම් වෙත බදු දීලා නැහැ.
නමුත්, ඇතුළත වරායේ තිබෙන Vegetable Jetty කියන එක සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි අලංකරණය කර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා නැඟෙනහිර පළාත් සංචාරක කාර්යාංශය වෙත තාවකාලික පදනමක් මත කෙටි කාලීනව බදු දීලා තිබෙනවා.
(iii) අදාළ නොවේ. මොකද, සමාගමකට බදු දීලා නැහැ.
(iv) 2025 නොවැම්බර් මාසයේ ඉඳලා 2026 පෙබරවාරි මාසය දක්වා කාල සීමාව සඳහා වන මාසික බදු මුදල හැර, බදු කුලිය සහ අනෙක් සියලුම බදු මුදල් මෙම ආයතනය විසින්ම ගෙවා තිබෙනවා.
(v) බදු ආදායම, 2024 - 2025
|
වර්ෂය |
බදු කුලිය |
2.50% සමාජ ආරක්ෂණ දායක බද්ද |
18% වැට් බදු |
එකතුව |
|
2024 (සැප්තැම්බර් - දෙසැම්බර්) |
400,000.00 |
10,256.40 |
73,846.12 |
484,102.52 |
|
2025 |
1,250,000.00 |
32,051.28 |
230,769.14 |
1,512,820.42 |
(vi) ඔව්.
(vii) අෂ්රොෆ් ජැටිය, පරණ ජැටිය (කස්ටම් ජැටිය) - භාවිතයේ නැත. වෙජිටබල් ජැටිය (භාවිතයේ නැත), තෙල් ජැටිය, TTA ජැටිය, ලංකා පාලම (භාවිතයේ නැත), මඩ්කෝ ජැටිය, ටවුන් ජැටිය, මුතූර් ජැටිය (භාවිතයේ නැත)
(viii) සමස්ත වරාය සම්බන්ධයෙන් Master Plan එකක් ක්‍රියාත්මක වෙනවා. ඒ Master Plan එක අනුව ත්‍රිකුණාමලය වරාය සඳහා වන සැලැස්ම ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks