E   |     |  

 දිනය: 2026-08-21   පිළිතුර ලබා දී ඇත 

1852/2026: Role and functions of overseas employment recruitment agencies

ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       රජය මැදිහත්වී විදේශ රැකියා අවස්ථා ලබා දීමේදී බඳවා ගැනී‍මේ පටිපාටියෙහි විනිවිදභාවය තහවුරු කිරීමට ගෙන ඇති පියවර කවරේද;

(ii) විදේශ රැකියා ලබාදෙන බවට පවසමින් සිදුකරන ජාවාරම් සහ වංචා වැළැක්වීමට හඳුන්වාදී ඇති විශේෂ විමර්ශන යාන්ත්‍රණය කවරේද;

(iii) එක් අයදුම්කරුවෙකු රැකියා කිහිපයක් සඳහා අන්තර්ජාලයෙන් අයදුම් කර පසුව ඒවා අතහැර දැමීමෙන් සිදුවන අවභාවිතයන් වැළැක්වීමට තොරතුරු තාක්ෂණික විසඳුමක් ක්‍රියාත්මක කරන්නේද;

(iv) විදේශ රැකියා නි‍යෝජිතායතන නියාමනය කිරීමට සහ අකටයුතුකම් සිදුකරන ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ක‍වරේද;

(v) එම ක්‍රියාමාර්ග මඟින් විදේශ රැකියා ක්ෂේත්‍රය දූෂණයෙන් තොර කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමට අපේක්ෂිත කාල රාමුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-08-21

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks