E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1851/2026: Maintenance of the familly members of late Mr. Rohana Wijeweera

1851/2026

ගරු අජිත් පී. පෙරේරා මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

(අ)          (i)     1989.11.13 වන දින ඝාතනය කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ මරණයෙන් පසු, ඔහුගේ බිරිඳ සහ දරුවන්ව ආරක්ෂා කිරීම සඳහා රජයේ රැකවරණය ලබාදීමට රජය විසින් කටයුතු කර තිබේද;

(ii) එසේ නම්, එලෙස රජයේ රැකවරණය ලබා දුන් තැනැත්තන්, රෝහණ විජේවීර මහතා සමඟ තිබූ ඥාති සම්බන්ධතාවය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම තැනැත්තන් රඳවාගෙන සිටි ස්ථාන කවරේද;

(iv) වර්තමානයේ රජයේ රැකවරණය සහ නඩත්තු ලබන රෝහණ විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන් කවුරුන්ද;

(v) රෝහණ විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ නඩත්තුව සඳහා මෙතෙක් රජය විසින් දරා ඇති ඇස්තමේන්තුගත මුළු වියදම කොපමණද;

(vi) වර්තමානයේ රජයේ රැකවරණය ලබන එම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ නඩත්තුව සඳහා මසකට රජය විසින් වැය කරනු ලබන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-02-18

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks