පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1850/2026
ගරු අජිත් පී. පෙරේරා මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ නිරතුරුවම ජලගැලීම්වලට ලක්වන බැවින්, එම ප්‍රදේශයට භාණ්ඩ සහ සේවා සැපයුම් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා දැනට අර්ධ වශයෙන් ඉදිකර වැඩ නතර කර ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැල්පොල අන්තර් හුවමාරුව ඉදිකර අවසන් කළ යුතු බව 2025.12.11 දින පැවති යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තීරණය කර ඇති බව දන්නේද;
(ii) මිල්ලනිය, කළුතර උතුර සහ බුලත්සිංහල ප්‍රදේශවල ජනතාවට දක්ෂිණ අධිවේගී මාර්ගයට ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැති බව පිළිගන්නේද;
(iii) දැනට අඩක් වැඩ නිමකර ඇති පැල්පොල අන්තර් හුවමාරුවේ කටයුතු අවසන් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-18
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks