E   |     |  

 දිනය: 2026-02-18   පිළිතුර ලබා දී ඇත 

1849/2026: Recommendations given by the committee appointed to look into the purview of Debt Conciliation Ordinance

1849/2026

 ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

(අ)        (i)     ණය සහනදායක ආඥාපනත සහ එහි කාර්ය පටිපාටිය සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුවේ 2025.07.15 දිනැති වාර්තාව ලැබී තිබේද;

(ii)  එසේ නම්, එම කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද;

(iii) එම කමිටු වාර්තාවේ සඳහන් ප්‍රධාන නිර්දේශ කවරේද;

(iv) එම නිර්දේශ අනුව මේ වනවිට සිදු කර ඇති පරිපාලන වෙනස්කම් කවරේද;

(v) කමිටු වාර්තාවේ නිර්දේශ අනුව සිදු කිරීමට අපේක්ෂිත නීතිමය සංශෝධන කවරේද;

(vi)  එම සංශෝධන සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ණය සහනදායක මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

(ii)  ඔවුන්ගේ නම් කවරේද;

(iii) ණය සහනදායක මණ්ඩලයට අනුයුක්ත කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව කොපමණද;

(iv) 2026 වර්ෂය සඳහා ණය සහනදායක මණ්ඩලය වෙනුවෙන් රජය විසින් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-02-18

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks