පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1848/2026
ගරු අජිත් පී. පෙරේරා මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වර්ෂ 2020 සිට 2025 දක්වා කාලය තුළ එක් එක් වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති වෙඩි තැබීම් සංඛ්‍යාව කොපමණද;
(ii) එම කාලය තුළ වෙඩි තැබීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව සහ තුවාල ලැබූ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මෙම වෙඩි තැබීම් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ගෙන ඇති පියවර සහ එහි ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) බණ්ඩාරගම පොලිසිය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල පැරණි සහ අබලන් තත්ත්වයේ පවතින බව දන්නේද;
(ii) එම පොලිසිය සඳහා පහසුකම් සහිත නවීන ගොඩනැගිල්ලක අවශ්‍යතාවයක් පවතින බව පිළිගන්නේද;
(iii) බණ්ඩාරගම පොලිස් පරිශ්‍රය වැඩි දියුණු කිරීම සඳහා ගොඩනැගිලි සැලැස්මක් පිළියෙළ කර තිබේද;
(iv) එසේ නම්, එහි අපේක්ෂිත පිරිවැය කොපමණද;
(v) නිල නිවාස අවශ්‍යතාවය විසඳීමට බණ්ඩාරගම පොලිසියේ පරිශ්‍රය තුළ නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ හැකියාව සම්බන්ධව අධ්‍යයනයක් කර තිබේද;
(vi) නොඑසේ නම්, ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-18
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks