E   |     |  

 දිනය: 2026-02-18   පිළිතුර ලබා දී ඇත 

1847/2026: Released Police officers to Commission to Investigate Allegations of Bribery or Corruption

1847/2026

ගරු අජිත් පී. පෙරේරා මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)    වර්ෂ 2015 සිට 2025 දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් මුදාහැර ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2026 වර්ෂය සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(ii)  ඒ අනුව දැනට මුදාහැර ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(iii) කොමිෂන් සභාවේ කටයුතු සඳහා පරීක්ෂණ නිලධාරින්ගේ හිඟයක් පවතින බව දන්නේද;

(iv) එසේ නම්, එම හිඟය පියවීම සඳහා ගනු ලබන පියවර ‍කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-02-18

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks