පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-06
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පසුගිය නොවැම්බර් මාසයේදී ඇති වූ ගංවතුර ගැලීම්, නාය යෑම් සහ සුළි කුණාටුවලින් මහනුවර දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන් හානියට පත් රජයේ පාසල් නොමැත.
(ii) අර්ධ ලෙස හානියට පත් මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ පාසල් පහත ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කර ඇත.
ඇමුණුම 01
මහනුවර දිස්ත්‍රික්කයේ අර්ධ හානියට පත් පාසල් සංඛ්‍යාව 57කි. එම පාසල් ලේඛනය පහත පරිදි වේ.
(iii) එම පාසල්වල ඉගෙනුම ලබන සිසුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සංඛ්‍යාව එක් එක් අධ්‍යාපන කලාප මට්ටමින් වෙන් වෙන් වශයෙන් පහත ඇමුණුම් 02 මඟින් ඉදිරිපත් කර ඇත.
ඇමුණුම 02
එම පාසල්වල ඉගෙනුම ලබන සිසුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්යමණ්ඩල සංඛ්‍යාව පහත පරිදි වේ.
(iv) එම පාසල් අතරින් ඉදිරියේදී නාය යාමේ අවදානමට ලක්විය හැකි බවට හඳුනාගෙන ඇති පාසල් පහත වගුව මඟින් දක්වා ඇත.
ඉදිරියේදී නාය යාමේ අවදානම හඳුනාගෙන ඇති පාසල් ලේඛනය.
සටහන - * ලකුණ යොදා ඇති පාසල් NBRO වාර්තා ඇනුව අධි අවදානම් පාසල් ලෙස ඉවත් කිරීමට නිර්දේශ කර ඇත.
(v) එම පාසල් වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සිදු කරමින් පවතී.
(vi) අවදානම් සහිත ප්‍රදේශවල පිහිටා ඇති පාසල් අතරින් වෙනත් ආරක්ෂිත ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා නිර්දේශ කර ඇති පාසල් පහත දක්වා ඇත.
මේ වනවිට වෙනත් ආරක්ෂිත ස්ථානවල ඉදිකිරීමට නිර්දේශ කර ඇති පාසල් පහත පරිදිය.
i. පරගල සිංහල විදුහල, ගම්පොල කලාපය
ii. අල් හික්මා විදුහල, ගම්පොල කලාපය
iii. බරණගල දෙමළ විදුහල, ගම්පොල කලාපය
iv. බඹරබැද්ද විදුහල, තෙල්දෙණිය කලාපය
v. කලෛයිමගල් දෙමළ විදුහල, තෙල්දෙණිය කලාපය
vi. නාමගල් දෙමළ විදුහල, තෙල්දෙණිය කලාපය
vii. අල් අක්ෂා විදුහල, දෙනුවර කලාපය
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks