පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1834/2026
ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) රජයේ රෝහල්වල සේවය කරනු ලබන උපස්ථායක/උපස්ථායිකාවන්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) සේවා අවශ්‍යතාවයට සාපේක්ෂව එම රෝහල්වල උපස්ථායකවරුන්ගේ අඩුවක් තිබේද;
(iii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
(iv) උසස් තත්ත්වයේ රෝගී සත්කාර සේවාවක් ලබාදීම සඳහා, එක් උපස්ථායකවරයෙකුට වෙන් කළ යුතු රෝගීන්ගේ සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රජයේ රෝහල්වල අවශ්‍ය ප්‍රමාණයට උපස්ථායකවරුන් නොමැති වීම හේතුවෙන්, රෝගීන්ගේ භාරකරුවන්හට මුදල් ගෙවා බාහිර උපස්ථායකවරුන් ලබා ගැනීමට සිදුව ඇති බවත්;
(ii) දින කිහිපයක් සඳහා උපස්ථායකවරයෙකුගේ සේවය ලබා ගැනීමට අධික වියදමක් දැරීමට සිදු වන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය උපස්ථායකවරුන් බඳවා ගැනීමට පියවර ගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-19
අසන ලද්දේ
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මධ්‍යම රජය යටතේ පවතින රෝහල්වල සේවය කරනු ලබන උපස්ථායක/ උපස්ථායිකාවන්ගේ සංඛ්‍යාව 3,428කි.
(ii) ඔව්.
(iii) 2,838යි.
(iv) එක් එක් රෝහල අනුව ද, ප්‍රතිකාර ලබන ඒකකය අනුව ද, රෝගීන්ගේ තත්ත්වය අනුව ද සාත්තු සේවකයෙකු විසින් රැක බලාගත යුතු රෝගීන් ප්‍රමාණය වෙනස් වන බැවින් නිශ්චිත සංඛ්‍යාවක් සඳහන් කළ නොහැක.
(ආ) (i) රජයේ රෝහල්වල දැනට සිටින උපස්ථායකවරුන් කළමනාකරණය මඟින් රෝගී සත්කාර සේවා පවත්වාගෙන යන අතර, මුදල් ගෙවා බාහිර උපස්ථායකවරුන් ලබා ගැනීම රෝගියාගේ පෞද්ගලික කැමැත්ත මත සිදු වේ.
(ii) අදාළ නොවේ.
(ඇ) සීමිත පදනමින් සාත්තු සේවක තනතුරු 1,000ක් සඳහා බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් සපුරන ලද අයදුම්කරුවන් තෝරාගෙන ඇති අතර, පත්වීම් ලබා දීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී.
ඊට අමතරව, විවෘත පදනමින් උපස්ථායක තනතුරු 710ක් බඳවා ගැනීමට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks