පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1830/2026
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ ආශ්‍රිත ගම්මානවල ජනතාව මුහුණ දෙන මූලික හා හදිසි සෞඛ්‍ය ගැටලු පිළිබඳව දන්නේද;
(ii) දෙල්තොට අනුර ඩැනියෙල් දිස්ත්‍රික් රෝහල, ගලහ සහ පට්ටියගම-පල්ලේගම ප්‍රාදේශීය රෝහල්වල වත්මන් ශ්‍රේණිගත කිරීම කවරේද;
(iii) එම රෝහල්වල අනුමත කාර්ය මණ්ඩලය සහ දැනට සිටින කාර්ය මණ්ඩලය කොපමණද;
(iv) එම රෝහල්වල හදිසි ප්‍රතිකාර, සැත්කම්, දැඩි සත්කාර සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ සේවාවන් නොමැති වීම හේතුවෙන් රෝගීන් මහනුවර සහ පේරාදෙණිය රෝහල් වෙත මාරු කිරිමේදී රෝගීන් මරණයට පත්වන බව දන්නේද;
(v) දෙල්තොට අනුර ඩැනියෙල් දිස්ත්‍රික් රෝහල, මූලික රෝහලක් ලෙස ශ්‍රේණිගත කිරීමටත්, ගලහ සහ පට්ටියගම-පල්ලේගම ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීමටත් පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ‘දිට්වා සුළි කුණාටුව’ හේතුවෙන් මෙම ප්‍රදේශවල මාර්ග අබලන්වී ඇති පසුබිමක, හදිසි ප්‍රතිචාර සඳහා ඉහත සඳහන් රෝහල්වලට අමතර ගිලන් රථ ලබාදීමටත්;
(ii) ගලහ සහ දෙල්තොට ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් තහවුරු කිරීමට විශේෂ ශ්‍රම බලකායක් පත්කර විසඳුම් ලබාදීමටත්;
පියවර ගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-05
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2026-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks