පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් සහ රක්ෂණාවරණයක් හඳුන්වාදීමට කටයුතු කරන්නේද;
(ii) මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට හෝ ප්‍රවාහන පහසුකම් (විදුලි යතුරුපැදි) සපයා ගැනීම සඳහා සහනදායි පොලී පදනම මත ණය ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නේද;
(iii) අවම වශයෙන් වර්ෂ 10ක සේවා කාලයක් සපුරා ඇති, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මාධ්‍යවේදීන්ට ස්ථිර වැටුප් ක්‍රමයක් හෝ විධිමත් දීමනා ක්‍රමයක් සැකසීමට සැලසුමක් තිබේද;
(iv) ප්‍රවෘත්ති ආයතනය මඟින් ගෙවනු ලබන ‘ප්‍රවෘත්තියක් සඳහා අවම ගාස්තුව’ ඉහළ නැංවීමට සහ මාධ්‍ය හැඳුනුම්පතට නිසි පිළිගැනීමක් ලබාදීමට මැදිහත් වන්නේද;
(v) නොඑසේ නම්, ඔවුන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා විසඳීමට ගනු ලබන කඩිනම් පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අපි කෙටුම්පත් කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා, ඉදිරි අය වැය සඳහා ඒක ඉදිරිපත් කරන්නට.
(ii) දැනට අමාත්‍යාංශයේ පවතින සැලැස්ම අනුව අපට කරන්න පුළුවන්කම තිබෙන්නේ, ජනමාධ්‍යවේදීන්ට උපකරණ ලබා දීම වෙනුවට මම ඉහත කියපු යෝජනාව ක්‍රියාත්මක කිරීමයි.
(iii) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් මාධ්‍යවේදීන් ලියාපදිංචියක් සිදු නොකරන අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව මාධ්‍ය ආවරණ කටයුතු සිදු කිරීම සඳහා මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කරනවා.
මාධ්‍යවේදීන්හට වැටුප් හා දීමනා ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ, එම මාධ්‍යවේදීන් හා ඔවුන්ගේ සේවාව ලබා ගන්නා සේවා යෝජක ආයතන අතර පවතින රැකියා ගිවිසුම් කොන්දේසිවලට අනුව සේවා යෝජක ආයතන විසින්. ඒකට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වගකීමක් නැහැ, ඇත්තටම.
(iv) ප්‍රවෘත්ති සඳහා අවම මිල ඉහළ නැංවීම සඳහා මැදිහත් වීමට ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යාංශයට දැනට හැකියාවක් නැහැ.
නමුත්, මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත මෙම කාරණාව සාකච්ඡාවට ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් වනු ඇත.
මාධ්‍ය හැඳුනුම්පතට නිසි පිළිගැනීමක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ නිර්දේශ අනුව ඉදිරි කටයුතු කරනවා.
(v) කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමට නියමිත පුවත්පත් කලාවේදීන් සඳහා වන පඩි පාලක සභා සඳහා නාම යෝජනා නිර්දේශ ලබා දී එය පත් කිරීමට ඉදිරි කටයුතු මේ වනවිට සිදු කරමින් පවතී.
එසේම පෞද්ගලික මාධ්‍ය ආයතනවල රැකියා අහිමි වූ මාධ්‍යවේදීන්ගේ ගැටලුවලදී ද කම්කරු දෙපාර්තමේන්තුව හරහා එම ගැටලු විසඳා ගැනීමට හා මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යාංශය ලෙස අප මැදිහත්වීමක් කරනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks