E   |     |  

 දිනය: 2026-05-07   පිළිතුර ලබා දී ඇත 

1823/2026: ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති: වවුනියාව දිස්ත්‍රික්කය

.

අසන ලද දිනය

2026-05-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ව්‍යාපෘති 73ක් ක්‍රියාත්මක වෙමින් පවතී.

            (iii)      ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, එම ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මෙසේයි.

  • වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති - 36
  • වෙන්ගලචෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති - 16
  • · වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති - 11
  • · වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති - 09
  • · චෙඩ්ඩිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති - 01

මෙම ව්‍යාපෘති පිළිබඳ තොරතුරු සවිස්තරාත්මකව ඇමුණුම 1 මඟින් ඉදිරිපත් කර ඇත.

(iv) ව්‍යාපෘති 50කි.

(v) 1. වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ නම්,

මරක්කරම්පලෙයි, ඊචංකුලම්, කාලික්කුලම්, ඕමන්තයි, පරනද්දකල්, සස්තිරිකූලන්කුලම්, 224 ආසිකුලම්, චෙක්කඩිපිලවු, මාකිලන් කුලම්, කාන්තපුරම්, කතරසින්නකුලම්, මහරම්බයිකුලම්, මලනකුලම්, ආසිකුලම්, සමනංකුලම, මූන්රුමුරිප්පු, පූවරසන්කුලම්, පඹයිමඩු,රාසෙන්දිරන්කුලම්, චෙක්කඩිපුලවු, තර්සින්නකුලම්, යාය 07, ස්ලම්බයිකුලම්, මරුතන්කුලම්,ඉරසෙන්දිරකුලම්,සමන්කුලම්, කල්ලිකුලම්, පරණදහල්.

2. වෙන්ගලචෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ නම්,

පෙරියතම්පනෙයි, කන්දසාමි නගර්, පාවට්කුලම් ඒකකය 02, ආණ්ඩියපුලියන් කුලම්, පෙරියපුලියන්කුලම්, කන්කන්කුලම්, සින්නප්පිකුලම්,මාන්කුලම්, සුදුවෙන්තාපුලවු, පිරමනලන්කුලම්, පෙරියකට්ටු.

3. වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ නම්,

මදුකාන්ත, කුඩකච්චාකොද්‍ය, අවරන්තලාව, පිරප්පන්මඩුව, පුතුපුලන්කුලම, පෙරියඋලුක් කුලම්, අවුසතාපිටිය, අග්බෝපුර.

4. වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ නම්,

පරන්තන්, සින්නදම්පන්, සින්නදඹ, නයිනමඩු, පුලියන්කුලම උතුර, මරුතෝඩෙයි, පරසන්කුලම්, පද්දිකුඩිඉරිප්පු.

5. චෙඩ්ඩිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ නම්,

මුතාලියකුලම්.

(vi) ඔව්.

(vii) දැනට ක්‍රියාත්මක නොවන ජල ව්‍යාපෘති 23ක් ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එම ව්‍යාපෘති මෙසේයි.

1. වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති - 12

2. වෙන්ගලචෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති - 05

3. වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති - 01

4. වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති - 04

5. චෙඩ්ඩිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති - 01

මෙම ව්‍යාපෘති පිළිබඳ තොරතුරු සවිස්තරාත්මකව ඇමුණුම 2 මඟින් ඉදිරිපත් කර ඇත.

ඇමුණුම් 1 සහ 2 සභාගත* කරමි.

 

(viii) එම ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීමට හේතු ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට නොව, පොදු හේතු විධියට මම ඉදිරිපත් කරන්නම්.

1. ලක්ෂයකට ආසන්න හිඟ විදුලි බිල්පත් පවතින බැවින්, විදුලි සබඳතාව විසන්ධි කර තිබීම.

2. ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ අනෙකුත් යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අරමුදල් ප්‍රජා මූල සංවිධාන සතුව නොමැති වීම.

3. සමහර ප්‍රදේශවල ජල සමිති පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රජා දායකත්වය සහ උනන්දුව ඉතා අවම මට්ටමක පැවතීම.

4. පද්ධතිවල පවතින කාන්දු සහ අක්‍රමිකතා නියමිත වේලාවට පිළිසකර කිරීමට නොහැකි වීම.

5. ඇතැම් ජල මූලාශ්‍රවල ජල මට්ටම පහත වැටීම.

6. යන්ත්‍රෝපකරණ පැරණි වීම සහ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමට නොහැකි වීම.

7. ඇතැම් ප්‍රදේශවල ප්‍රජා ජල ව්‍යාපෘති අතහැර දමා ජනතාව පෞද්ගලික මට්ටමෙන් වෙනත් ක්‍රම ඔස්සේ ජලය ලබා ගැනීමට පෙලඹීම.

(ix) සක්‍රිය කිරීමට හෝ එසේ නොමැති නම් සුදුසු ජල සම්පාදන ක්‍රමයක් සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලබයි.

(x) ඉදිරි වසර දෙක ඇතුළත මෙම ව්‍යාපෘති සක්‍රිය මට්ටමට ගෙන ඒම සඳහා කටයුතු කරනු ලබයි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks