logo

02

E   |     |  

 දිනය: 2026-03-19   පිළිතුර ලබා දී ඇත 

1822/2026: මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව: වාහන ලියාපදිංචි කිරීම

.

අසන ලද දිනය

2026-03-19

අසන ලද්දේ

ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1928.

              (ii)      1916 අංක 14 දරන පනත මඟින් පොලිස්පතිවරයා යටතේ වාහන ලියාපදිංචි කිරීම හා රියැදුරු බලපත් නිකුත් කිරීම ආරම්භ කර ඇත.

             (iii)      1902.

             (iv)      තොරතුරු සොයාගත නොහැක.

                        ගරු මන්ත්‍රීතුමා අහන්නේ, 1902 වර්ෂයේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන තෙක් ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද කියලා. ගරු මන්ත්‍රීතුමනි, එම තොරතුරු සොයා ගන්න නැහැ.

(ආ) (i)

වාහන ගහනය - Vehicle Population

වාහන පන්තිය - Class of

Vehicle

ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව

මෝටර් කාර් - Motor cars

   973,376

මෝටර් ට්‍රයිසිකල් - Motor

tricycles

1,201,842

මෝටර් සයිකල් -  Motorcycles

5,177,085

බස් - Buses

    116,195

ද්විත්ව කාර්යය වාහන - Dual-purpose vehicles

    458,632

මෝටර් ලොරි - Motor lorries

    353,214

ප්‍රයිම් මූවර් - Prime movers

         7,921

මෝටර් ලොරි ට්‍රේලර් - Lorry trailers

      10,400

විශේෂ කාර්යය වාහන - Special-purpose vehicles

      15,546

වාහන ගහනය - Vehicle Population

වාහන පන්තිය - Class of

Vehicle

ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව

ගිලන් රථ - Ambulances

         3,687

අවමඟුල් රථ - Hearses

             493

ඉඩම් වාහන - Land vehicles

   407,306

කෘෂිකාර්මික නොවන ට්‍රැක්ටර් - N.A. Tractors

               958

ට්‍රේලර් හා බවුසර් - Trailers & bowsers

        87,464

කොඩ්‍රිසයිකල් - Quadricycles

           2,444

මෝටර් නිවස - Motor homes

                     6

වෙනත් විශේෂ කාර්යය වාහන - Other Special-purpose vehicles

                  44

Total

    8,816,613

(ii) දුම් පරීක්ෂණ ක්‍රියාවලිය රජයට ආදායම් ඉපැයීමේ ප්‍රභවයක් නොවන අතර, එය හුදෙක් නෛතික අවශ්‍යතා හා පිරිසිදු වාතය ආඝ්‍රාණයට පවතින මූලික අයිතිය ආරක්ෂා කිරීමට රජයේ ඇති වගවීමේ ක්‍රියාවලියකි.

දුම් පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා රජයේ කිසිදු මූල්‍ය දායකත්වයක් ලබා නොදෙන අතර, දුම් පරීක්ෂණ ක්‍රියාවලිය හරහා ජනනය වන ඉපැයීමෙන් කොන්ත්‍රාත්කරුගේ ආදායමෙන්   සියයට 10කට සමාන මුදලක් වායු විමෝචන භාරයක් වශයෙන් අරමුදලකට රැස් කරනු ලැබේ.

(iii) 2025 වර්ෂය තුළ ක්ලීන්කෝ ලංකා සමාගම රුපියල් මිලියන 179ක් හා ලාෆ්ස් එකෝ ශ්‍රී සමාගම රුපියල් මිලියන 210ක් ලෙස රුපියල් මිලියන 389ක මුදලක් වායු විමෝචන    භාරකාර අරමුදල වෙත ලබා දී ඇත.

තවද, 2025 වර්ෂයේදී ක්ලීන්කෝ ලංකා සමාගම හා ලාෆ්ස් එකෝ ශ්‍රී සමාගම විසින් VAT ලෙස රුපියල් මිලියන 792ක්ද, සමාජ ආරක්ෂණ බද්ද ලෙස රුපියල් මිලියන 110ක්ද  වශයෙන් රුපියල් මිලියන 902ක් භාණ්ඩාගාරය වෙත යොමු කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks