පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2026-02-19
අසන ලද්දේ
ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) බද්දේගම, නාගොඩ, වැලිවිටිය දිවිතුර, නියාගම, තවලම සහ නෙළුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදාළව පුරා විද්‍යාත්මක ස්ථාන ලෙස හඳුනාගත් ස්ථාන ඇමුණුමෙහි දක්වා ඇත.
(iii) දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබෙන නඩත්තු කලාප කාර්යාල හරහා මේ ස්ථානවල අධීක්ෂණ කටයුතු සිදු වනවා.
(iv) අපට තිබෙන තොරතුරු අනුව නිශ්චිතව උඩරට රාජධානිය නියෝජනය කරන බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරයත්, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනන්ගල ගංගාරාම විහාරයත්, වැලිවිටිය දිවිතුර ගංගාරාම පුරාණ විහාරයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ නිශ්චිතව සටහන් වුණු ස්ථාන හැටියට හඳුනාගෙන තිබෙනවා.
(v) වැලිවිටිය දිවිතුර ගංගාරාම විහාරස්ථානයේ විහාරගෙය හා අම්පෙගම ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ බිතු සිතුවම් සංරක්ෂණය කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. කලාප භාර නිලධාරි මඟින් සකස් කර ගත් ප්‍රමුඛතා ලේඛනයක් අනුව එම ස්ථානවල බිතු සිතුවම් සංරක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිහත්වීමක් මේ වනවිටත් සිද්ධ වෙනවා.
(vi) ගරු කථානායකතුමනි, පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව ඉතාම ශෝචනීය තත්ත්වයක් අපට ඉතිහාසය තුළ දැක ගන්න ලැබී තිබෙනවා. යම් යම් අවස්ථාවල ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන නිදන් හොරුන්ගේ නිජබිම් බවට පත් වෙලා තිබුණා. සමහර අවස්ථාවල දේශපාලන අධිකාරිත්වයේ මැදිහත්වීම් සහිතව පවා එම නිදන් හැරීමේ ක්‍රියාවලියක් පසුගිය කාලය තුළ සිද්ධ වෙලා තිබෙනවා. එවැනි ස්ථාන ගණනාවක් අපට නිරීක්ෂණය වෙලාත් තිබෙනවා. ඒ නිසා ඒ තත්ත්වය තේරුම් අරගෙන අපි අමාත්‍යාංශයක් හැටියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාල හරහා ඒ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන සංරක්ෂණ කර ගැනීම සඳහාත්, ඒ වාගේම ඒ වටිනාකම් පිළිබඳව දැනුවත් කිරීම සඳහාත් විශේෂ වැඩ පිළිවෙළක් සූදානම් කර තිබෙනවා.
ගරු කථානායකතුමනි, ඊට අමතර වශයෙන් මා සඳහන් කරන්න කැමැතියි, අපේ රටේ හඳුනා නොගත් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් තව තිබෙන බව. ඒ නිසා නව රජය හැටියට අපි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙළක් යෝජනා කර තිබෙනවා. ඒ අනුව මේ ස්ථානවලට අදාළ ඒ දැනුවත් කිරීමේ කාර්යයන් සිද්ධ කරමින් පවතිනවා.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2026-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගමගෙදර දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks