පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1797/2025
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2019 වර්ෂයේදී බලයට පත් රජය විසින් විදේශ විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට රජයේ පත්වීම් ලබා දීම නතර කර තිබේද;
(ii) 2025.11.26 දින ලබාදුන් අධිකරණ තීන්දුවට අනුව, මෙම විදේශ උපාධිධාරින් සඳහා රජය විසින් ගනු ලබන පියවර කවරේද;
(iii) ඉදිරියේදී මෙම විදේශ උපාධිධාරින් රජයේ ආයතනවලට බඳවා ගැනීම සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කරන්නේද;
(iv) ඉදිරියේදී සියලුම උපාධිධාරින්ට සාධාරණ ලෙස රජයේ පත්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-03
අසන ලද්දේ
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත. එසේ පොදු තීරණයක් ගෙන නොමැත.
(ii) අධිකරණ තීරණය අනුව අදාළ බලධාරින් (ගරු නීතිපති, අමාත්‍ය මණ්ඩල ලේකම්) විමසා අදාළ ප්‍රතිපත්තිමය තීරණය ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී.
(iii) රාජ්‍ය පරිපාලන විෂයය යටතේ දැනට පවත්නා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධි පිරිනමන ආයතන ලෙස පිළිගනු ලබන විශ්වවිද්‍යාල/ ආයතනවලින් උපාධියක් ලබා ඇති උපාධිධාරින්ට තරග විභාග සමත් වීමෙන් රාජ්‍ය සේවයට පිවිසීමට බාධාවක් නොමැත. එහෙත් ඉහත අධිකරණ තීරණය අනුව දැනට පවතින ක්‍රමවේදයේ යම් වෙනස්කම් සිදු කළ යුතු නම් එය සිදු කිරීම සම්බන්ධව අවශ්‍ය කටයුතු කරනු ලැබේ.
(iv) ඉහත (iii) අනුව පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-03-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks