පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1795/2025
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, දෙල්තොට මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට ඉඩකඩ හා පන්ති කාමර පහසුකම් ප්‍රමාණවත් නොවන බව දන්නේද;
(ii) නව පන්ති කාමර අටක අවශ්‍යතාවයක් ඇති අතර ඒ සඳහා ලබාදෙන විසඳුම කවරේද;
(iii) 2026 අයවැය මඟින් ඉහත පාසලේ ගොඩනැගිලි අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා දෙන්නේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-02-03
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හඳුනාගෙන තිබේ.
(ii) "ළඟම පාසල - හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ මහනුවර, දෙල්තොට මුස්ලිම් විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. එම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන සීමා වීම නිසා ඉදිකිරීමට හැකි වූයේ බිම් මහල පමණි. බිම් මහලේ පන්ති කාමර 04ම මේ වනවිට භාවිතයට ගනු ලැබේ. ඉතුරු මහල් දෙක තුළ පන්ති කාමර 08ක් ඉදිකිරීමට යෝජිතව පවතී. ඒ සඳහා දළ ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 55කි.
(iii) "ළඟම පාසල - හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ එම ගොඩනැඟිල්ලේ ඉතුරු කොටස නිම කිරීම සඳහා මෙම වසරේ ප්‍රතිපාදන ඉල්ලුම්කොට ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks