පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බී. ආරියවංශ මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති වතු ගම්මාන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) එම වතු ගම්මානවල ජීවත්වන පවුල් සංඛ්‍යාව එක් එක් ගම්මානය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම ගම්මානවල යටිතල පහසුකම් ඉහළ නැංවීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-04-23
අසන ලද්දේ
ගරු බී.ආරියවංශ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වතු ගම්මාන ගණන 50කි. එය පහත ඇමුණුම මඟින් දක්වා ඇත.
(ii) ඇමුණුම මඟින් දක්වා ඇත.
(iii) ඇමුණුම මඟින් දක්වා ඇත.
(iv) ඔව්.
අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ ව්‍යාපෘති යෝජනා වාර්ෂිකව කැඳවන අතර, පවතින ප්‍රතිපාදන හා ප්‍රමුඛතාව මත අදාළ යෝජනා අනුමත කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන නිදහස් කිරීම මඟින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.
2025 වර්ෂයේදී ගනු ලැබූ ක්‍රියාමාර්ග
දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක කළ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් යටතේ වැවිලි ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ලදී. එමඟින් පානීය ජලය, සෞඛ්‍ය සහ ගමනාගමන පහසුකම් වර්ධනය ඇතුළු ප්‍රජා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ කටයුතු හා වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට දායකත්වය ලබා දී ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ක්‍රියාත්මක කළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති යටතේ ව්‍යාපෘති 250ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර, 2025 වර්ෂය තුළ නව ජල සැපයුම් ව්‍යාපෘති 20ක් සහ අමතර ජල ව්‍යාපෘති 1ක්, ලැයිම් කාමර සෙවිලි කිරීමේ - reroofing - ව්‍යාපෘති 28ක්, සනීපාරක්ෂක ව්‍යාපෘති 57ක්, CDC සහ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘති 6ක් සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 54ක් සම්පූර්ණ කර ඇත. තවද, ආගමික ස්ථාන 21ක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, පොදු පහසුකම් ව්‍යාපෘති 11ක් සම්පූර්ණ කිරීම හා ප්‍රජාශක්ති සංවර්ධන මධ්‍යස්ථානයක් ප්‍රතිසංස්කරණය කිරීමද මේ වනවිට සිදු කර ඇත.
මීට අමතරව 2025 වර්ෂයේදී සෞඛ්‍යාරක්ෂිත පානීය ජල ව්‍යාපෘති ඇති කරලා තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා එක්ව වැවිලි මානව සංවර්ධන භාරය විසින් ප්‍රජා යටිතල පහසුකම් අංශය මඟින් ලබා දෙන නව නිවාස සඳහාද සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයට අදාළව මෙම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 23ක ප්‍රතිපාදන වෙන් කළ අතර - ඒ කියන්නේ, ව්‍යාපෘති 22ක් සඳහා - ඉන් ව්‍යාපෘති 21ක් 2025 වර්ෂයේ අවසන් කර තිබෙනවා. ඒ සඳහා වැය වුණු මුළු වියදම රුපියල් මිලියන 19කි.
වතු ප්‍රජාව සඳහා ඩිජිටල් දත්ත පද්ධතිය සංවර්ධනය කිරීම අරමුණු කර ගත් මෙම වැඩසටහන, වැවිලි ප්‍රජාව පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන තොරතුරු එක්රැස් කර සැලසුම්කරණය, ව්‍යාපෘති තීරණ ගැනීම සහ සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීමට හඳුන්වා දෙන ලද තාක්ෂණික පියවරකි. ඒ අනුව, ජංගම යෙදුම සංවර්ධනය කර පරීක්ෂණ අදියරට ගෙන ගොස් ඇති අතර PCCF නිලධාරින් පුහුණු කිරීම හරහා වතු ප්‍රදේශ ආවරණය වන පරිදි ක්ෂේත්‍ර මට්ටමේ දත්ත එකතු කිරීමට පියවර ගනිමින් පවතී. මෙම ක්‍රියාවලිය මඟින් වතු ප්‍රජාවට අදාළ විශ්වාසදායී දත්ත පද්ධතියක් ස්ථාපිත කර අනාගත සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.
2026 වර්ෂයේ මුදල් වෙන් කළ ව්‍යාපෘති
1. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය
(ඇස්තමේන්තුගත පිරිවැය: රුපියල් මිලියන 60)
* පළමු අදියර - 2025 වර්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 25ක් සම්පූර්ණ කර ඇත.
* දෙවන අදියර - 2026 වර්ෂයේ සිදු කරනු ලබන දෙවන අදියරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 362ක අවශ්‍යතාවක් හඳුනාගෙන ඇත.
2. වතු නිවාස වැඩසටහන (ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන)
* 2026 වර්ෂයේදී රත්නපුර දිස්ත්‍රික්කයට වතු නිවාස 31ක ඉදිකිරීම් කටයුතු - carry-over - ක්‍රියාත්මක වෙමින් පවතී.
3. ආපදා සහන නිවාස වැඩසටහන - Disaster Housing Programme
* 2026 වර්ෂයේදී රත්නපුර දිස්ත්‍රික්කයට අදාළව ආපදා සහන නිවාස වැඩසටහන සඳහා රුපියල් මිලියන 14ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
(වැවිලි වත්ත - නිවාස 03, මල්වතු වත්ත - නිවාස 02)
4. දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති
* 2026 වර්ෂයේදී රත්නපුර දිස්ත්‍රික්කයට අදාළව සංවර්ධන ව්‍යාපෘති 4ක් සඳහා රුපියල් මිලියන 11ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
i. පනිල්කන්ද - වහල සෙවිලි කිරීමේ ව්‍යාපෘතිය
ii. ඕපාත වත්ත - ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
iii. මස් ඉඹුල, ඩෙල්වින් B කොටස - මාර්ග සංවර්ධන ව්‍යාපෘති
iv. බල්ලපානතැන්න - මාර්ග සංවර්ධන ව්‍යාපෘති
5. වහල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති - Reroofing Projects
* 2026 වර්ෂයේදී රත්නපුර දිස්ත්‍රික්කයට අදාළව වහල තහඩු - roofing units - 53 සවි කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks