01

E   |     |  

 දිනය: 2026-03-19   පිළිතුර ලබා දී ඇත 

1783/2026: අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉහළගම, කඩියංගල්ල සහ මානෑව ග්‍රා.නි. වසම්: නිවාස ව්‍යාපෘති

.

අසන ලද දිනය

2026-03-19

අසන ලද්දේ

ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. නිවාස ව්‍යාපෘති 04ක් ඇත.

              (ii)      1.     ඉපලෝගම (510) - කඩියන්ගල්ල (2016 වර්ෂය)

                        2.     ඉපලෝගම (502 මානෑව) - ස්වස්තිගම (2016 වර්ෂය)

                        3.     කැකිරාව (621 ඉහළගම) - හිරුකිරණගම (2016 වර්ෂය)

                        4.     කැකිරාව (621 ඉහළගම) - දිවිදිනුගම (2016 වර්ෂය)

(iii) ප්‍රතිලාභීන් ගණන:

ඉපලෝගම -  කඩියන්ගල්ල  නිවාස 15

ඉපලෝගම -  ස්වස්තිගම     නිවාස 25

කැකිරාව  -  හිරුකිරණගම  නිවාස 25

කැකිරාව - දිවිදිනුගම  නිවාස 25

(iv) ණය මුදලක් ලෙස මෙම නිවාස ඉදි කර ඇත.

(v) 1. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි කඩියන්ගල්ල නිවාස ව්‍යාපෘතිය සඳහා,

අනුමත කළ මුදල -   රුපියල් මිලියන  06

නිමකර ඇති නිවාස සංඛ්‍යාව  - 15

දැනට පදිංචි නිවාස සංඛ්‍යාව  - 05

2. ඉපලෝගම ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයෙහි ස්වස්තිගම නිවාස ව්‍යාපෘතිය සඳහා,

අනුමත කළ මුදල   -  රුපියල් මි. 10

නිමකර ඇති නිවාස සංඛ්‍යාව - 25

දැනට පදිංචි නිවාස සංඛ්‍යාව  - 23

3. කැකිරාව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයෙහි හිරුකිරණගම නිවාස ව්‍යාපෘතිය සඳහා,

අනුමත කළ මුදල    -  රුපියල් මි. 10

නිමකර ඇති නිවාස සංඛ්‍යාව - 25

දැනට පදිංචි නිවාස සංඛ්‍යාව  - 19

4. කැකිරාව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයෙහි දිවිදිනුගම නිවාස ව්‍යාපෘතිය සඳහා,

අනුමත කළ මුදල   - රුපියල් මි. 10

නිමකර ඇති නිවාස සංඛ්‍යාව - 25

දැනට පදිංචි නිවාස සංඛ්‍යාව  - 18

(vi) ඉපලෝගම (කඩියන්ගල්ල) - අඩු ආදායම්ලාභී නිවාස

      ඉපලෝගම (ස්වස්තිගම) - අඩු ආදායම්ලාභී නිවාස

    කැකිරාව (දිවිදිනුගම)     - අඩු ආදායම්ලාභී නිවාස

     කැකිරාව (හිරුකිරණගම) - මධ්‍යම පාන්තික නිවාස

(vii) ග්‍රාම නිලධාරි මඟින් ලබාගත් අඩු ආදායම්ලාභී සහතිකය ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කිරීමෙන් අනතුරුව වාරික මුදල් ගෙවීමට හැකි බවට ණයලාභීන්ගෙන් දිවුරුම් සහතික වෙන් වෙන් වශයෙන් ලබාගෙන ඇත.

මධ්‍යම පාන්තික ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී මසකට රුපියල් 75,000කට අඩු වේතනයක් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු තැනැත්තන් තෝරාගෙන ඇති අතර, එයින් බොහෝ දෙනෙකු රාජ්‍ය සේවකයින් වේ. ඔවුන්ගේ වැටුප් වාර්තා වෙන් වෙන් වශයෙන් ලබාගෙන ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. සරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks