E   |     |  

 දිනය: 2026-05-21   පිළිතුර ලබා දී ඇත 

1770/2026: තේ පොහොර සහනාධාර බෙදා හැරීම සඳහා QR කේත ක්‍රමය: සාර්ථකත්වය

1770/2025

ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      තේ වගාව සඳහා පො‍හොර සහනාධාරය ලබාදීමේදී හඳුන්වා දුන් QR කේත ක්‍රමය මඟින් අපේක්ෂිත අරමුණු සපුරාගෙන තිබේද;

(ii) එසේ නම්, එම සාර්ථකත්වය තහවුරු කරන දත්ත කවරේද;

(iii) දැනට පවතින එම QR කේත යෝජනා ක්‍රමයේ ප්‍රායෝගික ගැටලු කවරේද;

(iv) මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී අපේක්ෂිත ඉලක්ක සපුරා නොගත් අවස්ථා තිබේද;

(v) එසේ නම්, එයට හේතුවූ මූලික සාධක කවරේද;

(vi) පොහොර ලබා ගැනීමේදී QR කේත ක්‍රමය හේතුවෙන් පීඩාවට පත්වූ තේ වැවිලිකරුවන් සඳහා රජය මඟින් ලබාදී ඇති විකල්ප පහසුකම් හෝ සහන කවරේද;

(vii) QR කේත ක්‍රමය වැඩි දියුණු කිරීම හෝ වඩාත් ඵලදායි ක්‍රමයක් කරා යොමු කිරීම සඳහා ඉදිරියේදී රජය මඟින් ගනු ලබන ක්ෂණික ක්‍රියාමාර්ග තිබේද;

(viii) එසේ නම්, ඒවා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-05-21

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)      ඔව්.

               (ii)       QR කේතය සඳහා දැනට ලියාපදිංචි වී ඇති ගොවීන් සංඛ්‍යාව 226,511කි. එම සංඛ්‍යාවෙන් 190,408ක ගොවීන් පිරිසක් වෙත මෙට්‍රික්ටොන් 21,500ක පොහොර ප්‍රමාණයක් ලබා දී ඇත.

              (iii)      කප්පාදු කළ වගාවන් සඳහා පොහොර ලබාදීමට නොහැකි වීම.

                        පොහොර ලබාදීමේදී මාර්ගගත ක්‍රමය භාවිත කිරීමට කටයුතු කළ ද, අදාළ පොහොර සමාගම්වලට ගෙවීම් කිරීමේදී අත්‍යවශ්‍ය ලේඛන නිවැරදිව ඉදිරිපත් නොවීම නිසා අදාළ ආයතන වෙත මුදල් ගෙවීම් ප්‍රමාද වීම.

          (iv) ඔව්.

          (v)   

  • ඇතැම් ගොවීන්ට QR කේතය ලබා ගැනීමේදී අවශ්‍ය අන්තර්ජාල පහසුකම් වැනි යටිතල පහසුකම් නොමැති වීම.
  • ඇතැම් ගොවීන්ගේ දලු ලබාදීම් පිළිබඳ දත්තයන් දළු එකතු කරන්නන් විසින් කර්මාන්තශාලා වෙත නිවැරදිව ලබා නොදීම හේතුවෙන් QR කේත සකස් කිරීමට නොහැකි වීම.
  • උදාහරණයක් වශයෙන් QR කේත සකස් කිරීම සඳහා 269,000ක පමණ ගොවීන් පිරිසක් පද්ධතියෙහි ලියාපදිංචි වුවද, මේ අතරින් QR කේත නිකුත් කර ඇත්තේ 226,511ක ගොවීන්   පිරිසක් සඳහා පමණක් වීම.
  • දලු සැපයීම පදනම් කර ගන්නා නිසා කප්පාදු කළ අවස්ථාවලදී ගෙවීම් කිරීමට තොරතුරු ඉදිරිපත් නොවීම.

(vi)    පීඩාවට පත්වූවන්ට QR ක්‍රමවේදය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඊට අදාළ විසඳුම් ලබාදෙන ලදී.

  (vii)   ඔව්.

      (viii)   QR කේතය ලබා ගැනීම සඳහා දත්ත ඇතුළත් කිරීම ගොවීන් විසින්ම සිදු කර ගත හැකි වන පරිදි පද්ධතිය වැඩිදියුණු කිරීම හා මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ පොහොර සමාගම් වෙත ඉතා කෙටි කාලයක් තුළ ගෙවීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරනු ලැබේ.

(ආ)   අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks