E   |     |  

 දිනය: 2026-05-06   පිළිතුර ලබා දී ඇත 

1763/2026: තේ කර්මාන්තයේ සංවර්ධනය සඳහා 2025 අය වැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන: විස්තර

.

අසන ලද දිනය

2026-05-06

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2025 වර්ෂයේ අය වැය මඟින් තේ කර්මාන්තයේ සංවර්ධනය හා නඟා සිටුවීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 900කි. මෙයට අමතරව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ආයතනික අරමුදල් ලෙස රුපියල් මිලියන 5,947.4ක මුදලක් වෙන් කරන ලදී.

                        ඒ අනුව, තේ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 6,847.4කි.

              (ii)      එම ප්‍රතිපාදන පළාත් අනුව පහත දැක්වේ.

 

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහා අය වැය මඟින් ප්‍රතිපාදන අරමුදල් වෙන් නොවන අතර දිස්ත්‍රික් මට්ටමට වෙන් කොට අවශ්‍ය වේ නම් ලබා දිය හැක.

* තේ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු තේ වගාව සිදු කෙරෙන සියලු පළාත් හා දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු කෙරේ.

(iii) නුවරඑළිය, බදුල්ල, මාතලේ, රත්නපුර, ගාල්ල සහ මාතර යන එක් එක් දිස්ත්‍රික්ක සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් පහත දැක්වේ.

තේ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු තේ වගාව සිදු කෙරෙන සියලු පළාත් හා දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු කෙරේ.

තේ ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ආයතනික අරමුදල් රුපියල් මිලියන 5,947.4ක ප්‍රතිපාදන මඟින් ව්‍යාප්ති හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී.

(iv) එම ප්‍රතිපාදන නව වගා සහ නැවත වගා කිරීම, කර්මාන්තශාලා නවීකරණය සහ තාක්ෂණික දියුණුව, පර්යේෂණ සහ තේ වගා ප්‍රවර්ධනය, අළෙවිකරණය සහ වෙළෙඳ පොළ ප්‍රවර්ධනය, සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන්ට සහනාධාර දීම සහ වෙනත් අදාළ අංශ අනුව යොදා ගැනීමට සැලසුම්කරණය කරන ලද ප්‍රතිශතය වෙන් වෙන් වශයෙන් පහත දැක්වේ.

සැලසුම් කරන ලද ප්‍රමාණ

විශේෂ ව්‍යාපෘති/ වැඩසටහන්

ප්‍රතිශතය

නව වගාව

4.10

නැවත වගා කිරීම

50.51

පාළු සිටුවීම

25.08

කර්මාන්තශාලා නවීකරණය සහ තාක්ෂණික දියුණුව

0.57

පර්යේෂණ හා තේ වගා ප්‍රවර්ධනය*

11.11

අළෙවිකරණය සහ වෙළඳ පොළ ප්‍රවර්ධනය

නැත*

සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන්ට සහනාධාර දීම

නැත*

වෙනත්

8.63

එකතුව

100

 

 

 

* අළෙවිකරණය සහ වෙළෙඳ පොළ ප්‍රවර්ධනය හා තේ වගා ප්‍රවර්ධනය සඳහා තේ මණ්ඩලය විසින් උපයාගත් ආයතනික අරමුදල් මඟින් වැය කෙරේ.

 

(ආ) 2026 වර්ෂයේ අය වැය මඟින් තේ කර්මාන්තය සඳහා වෙන් කරන ලද මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 1,190කි. මෙයට අමතරව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ආයතනික අරමුදල් ලෙස රුපියල් මිලියන 4,946.34ක මුදලක් වෙන් කරන ලදී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-05-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks