E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1758/2026: Urumaya deed related details between 2020.01.01 to 2025.01.01 at Pottuvil

ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2020.01.01 දින සිට 2025.01.01 දින දක්වා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘උරුමය’ වැඩසටහන යටතේ ඔප්පු ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන ලද පුද්ගලයින් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;

(ii) එම වැඩසටහන යටතේ ඉහත සඳහන් කාලය තුළ ඉල්ලුම් කරන ලද පුද්ගලයින්ට ‘උරුමය’ ඔප්පු ලබාදී තිබේද;

(iii) එසේ නම්, එම පුද්ගලයින් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;

(iv) ‘උරුමය’ ඔප්පු සඳහා ඉල්ලුම් කළ බොහෝ පුද්ගලයින්ට එම ඔප්පු ලබාදී නොමැති බව දන්නේද;

(v) එසේ නම්, එම පුද්ගලයින් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;

(vi) එම පුද්ගලයින්ට මේ දක්වා එම ඔප්පු ලබා නොදීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks