E   |     |  

 දිනය: 2026-05-22   පිළිතුර ලබා දී ඇත 

1757/2026: 2008/04 චක්‍රලේඛය යටතේ ඉඩම් බලපත්‍ර අයදුම්කරුවන්: ලාහුගල සහ පොතුවිල් ප්‍රා.ලේ. කොට්ඨාස

1757/2025

ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)       (i)      2008/04 චක්‍රලේඛය යටතේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් අයදුම් කළ ගොවීන් සංඛ්‍යාව සහ එම අයදුම්කරුවන් අතර පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොවීන් සංඛ්‍යාව;

(ii) එම ගොවීන්ට ලබාදුන් නව ඉඩම් බලපත්‍ර සංඛ්‍යාව;

 (iii) ඉහත චක්‍රලේඛය අනුව පසුගිය වසර 17ක කාලය තුළ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ලබාදුන් මුළු නව බලපත්‍ර සංඛ්‍යාව;

       (iv) එම චක්‍රලේඛය යටතේ ඉල්ලුම් කර ඇති, මෙතෙක් නිකුත් කර නොමැති බලපත්‍ර සංඛ්‍යාව;

      (v) නැගෙනහිර පළාත් ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමුකර ඇති නමුත්, මෙතෙක් නිකුත් කර නොමැති බලපත්‍ර සංඛ්‍යාව;

කොපමණද යන්න ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i) ඉහත ඉඩම් බලපත්‍ර නිකුත් නොකර රඳවා තබා ගැනීමට බලපෑ හේතු කවරේද;

(ii) එම බලපත්‍ර සුදුසු පුද්ගලයන් වෙත කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නේද;

  යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-22

අසන ලද්දේ

ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)            (i)      ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් අයදුම් කළ ගොවීන් සංඛ්‍යාව වසම් අනුව (අයදුම් පත් යොමු කළ පිරිස) - 938

                        එම අයදුම්කරුවන් අතර පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොවීන් සංඛ්‍යාව - 286

              (ii)      බලපත්‍ර නිකුත් කර නොමැත.

              (iii)      ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ලබා දුන් මුළු බලපත්‍ර සංඛ්‍යාව - 1,478

              (iv)      බලපත්‍ර සංඛ්‍යාව - 712

               (v)      නැ‍ඟෙනහිර පළාත් ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවක් නොමැත.

(ආ) (i) • වනජීවී දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල මායිම් ගැටලු පැවතීම.

  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල මායිම් ගැටලු පැවතීම.
  • කාර්ය මණ්ඩල නිලධාරින් හිඟවීම.
  • ඉඩම් කච්චේරියේ අවසන් තේරීම් ලැයිස්තු ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලැබෙන විට එම ඉඩම් සඳහා ආරවුල් හටගෙන තිබීම.
  • අදාළ ඉඩම් අන් සතු කර තිබීම.

(ii) ජංගම සේවාවක් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවත්වා ‍ලබා දිය හැකි බලපත්‍ර නියමිත පුද්ගලයින්ට ලබා දීමට කයුතු කිරීම.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks