පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ඉඩම් නොමැති පුද්ගලයන්ට ඉඩම් ලබාදීම සහ එම ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සඳහා 2008/4 චක්‍රලේඛය ක්‍රියාත්මක වන බව දන්නේද;
(ii) එසේ නම්, එම චක්‍රලේඛය යටතේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අදියර 1,2,3,4 සහ 5 යටතේ අයදුම් කළ තැනැත්තන්ගේ සංඛ්‍යාව සහ නිකුත් කර ඇති නව ඉඩම් බලපත්‍ර සංඛ්‍යාව අදියර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත චක්‍රලේඛයට අනුව පසුගිය වර්ෂ 17ක කාලය තුළ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් නිකුත් කර ඇති මුළු නව බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(iv) එම චක්‍රලේඛය යටතේ අයදුම් කර ඇති, එහෙත් මෙතෙක් නිකුත් කර නොමැති ඉඩම් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(v) නැගෙනහිර පළාත් ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කර ඇති නමුත්, මෙතෙක් නිකුත් කර නොමැති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(vi) එම ඉඩම් බලපත්‍ර නිකුත් නොකර රඳවා තබා ගැනීමට බලපා ඇති හේතු කවරේද;
(vii) අදාළ බලපත්‍ර සුදුස්සන්ට ඉතා කඩිනමින් නිකුත් කිරීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-08
අසන ලද්දේ
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඉඩම් නොමැති පුද්ගලයන්හට ඉඩම් ලබා දීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට 2008/4 දරන චක්‍රලේඛය ක්‍රියාත්මක කරනු ලබන අතර, එහිදී පහත පරිදි ඉඩම් ලබා දීම සිදු කරයි.
· රජයේ ඉඩම් නොමැති හා රජයේ ඉඩම් ලබා දෙන ලෙස අයදුම් පත් යොමු කර ඇති පුද්ගලයන්හට සුදුසුකම් අනුව ඉඩම් ලබා දීම.
· කිසිදු ලියවිල්ලක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයන්හට පදිංචියට පර්චස් 20ක් හා වගා කටයුතු සඳහා අක්කරයක් වශයෙන් පර්චස් 180ක් ලබා දීම.
(ii) එම චක්‍රලේඛය යටතේ පුද්ගලයන් 13,433ක් අයදුම්පත් යොමු කර ඇති අතර, 1,801දෙනෙකුට බලපත්‍ර නිකුත් කර ඇත. බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කරන අදියර පහත පරිදි වේ.
· අයදුම්පත් ලබා දුන් පුද්ගලයන් ලියාපදිංචි කිරීම. (ඉඩම් නොමැති හා ඉඩම් ඇති පුද්ගලයන්)
· විමර්ශනය කිරීම.
· නාම ලේඛනයක් සකස් කිරීම. (පොතක් සකස් කිරීම)
· එම සකස් කරන නාම ලේඛන වාර්තා ඉඩම් කොමසාරිස් හා පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු කිරීම. (මෑත කාලයේ එය සිදු නොකරයි.)
· ඉඩම් කච්චේරි පවත්වා සුදුසුකම් පවතින පුද්ගලයන්හට බලපත්‍ර නිකුත් කිරීම.
|
අදියර |
අයදුම් කළ තැනැත්තන් සංඛ්‍යාව |
නිකුත් කර ඇති නව බලපත්‍ර සංඛ්‍යාව |
|
1 |
2,924 |
210 |
|
2 |
2,328 |
170 |
|
3 |
1,425 |
385 |
|
4 |
4,384 |
473 |
|
5 |
2,372 |
563 |
|
එකතුව |
13,433 |
1,801 |
(iii) ඉහත අදියරයන් අනුව සුදුසුකම් ඇති පුද්ගලයන් සඳහා නැඟෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් අනුමැතිය අනුව තෝරා ගත් සුදුසුකම් ඇති පුද්ගලයන්හට බලපත්‍ර 1,801ක් නිකුත් කර ඇත.
(iv) එම චක්‍රලේඛය අනුව පුද්ගලයන් 13,433ක් අයදුම්පත් යොමු කර ඇති අතර, බලපත්‍ර 1,801ක් නිකුත් කර ඇත. එයින් 11,632ක් සඳහා බලපත්‍ර නිකුත් කර නොමැත. මේ අතර එසේ ලබා නොදීමට හේතු වශයෙන්,
· එකම පුද්ගලයන් නැවත නැවතත් අයදුම් කිරීම.
· සුදුසුකම් නොමැති පුද්ගලයන් අයදුම් කිරීම.
· ගැටලු පවතින වෙනත් ආයතන අයිතියේ ඇති ඉඩම් සඳහා අයදුම්පත් යොමු කිරීම. උදාහරණයක් ගත්තොත්, වනජීවී, වන සංරක්ෂණ වාගේ ප්‍රදේශවලට අයිති භූමි.
· තොරතුරු පද්ධති විටින් විට වෙනස් වනවිට එකම පුද්ගලයන් නැවත අයදුම්පත් යොමු කිරීම.
· ඉඩම් නොමැති පුද්ගලයන් අයදුම් කරන විට ඔවුන්ට ලබා දීමට රජයේ ඉඩම් නොමැති වීම හා ඉඩම් හඳුනා ගැනීමේ අපහසුතා පැවතීම යනාදී කරුණු සඳහන් කළ හැකිය.
(v) නැඟෙනහිර පළාත් ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවක් නොමැත.
(vi) අදාළ නොවේ.
(vii) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks