E   |     |  

 දිනය: 2026-04-23   පිළිතුර ලබා දී ඇත 

1740/2026: House and Land based issues at Pottuvil

ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      2004.12.26 දින ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට ලක්වූ ජනතාවට නිවාස අහිමිවූ බවත්;

(ii) එම ජනතාව සඳහා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් පෞද්ගලික ඉඩම්වල සහ රජයේ ඉඩම්වල විකල්ප නිවාස ඉදිකර ලබාදී ඇති බවත්;

(iii) එම විකල්ප නිවාස, සර්වෝදයපුරම්, සෙංකාමම්, හිජ්රා නගර්, කනහර් ගම්මානය, කෝමාරි 1 සහ කෝමාරි 2 යන ග්‍රාම නිලධාරි වසම්වල පිහිටි රජයේ ඉඩම්වල ඉදි කර ඇති බවත්; 

එතුමිය දන්නෙහිද?

(ආ) (i) වසර 18කට අධික කාලයක් ගතවී ඇතත් මේ වනතෙක් එම ජනතාවට අදාළ ඉඩම් ඔප්පු ලබා නොදීමට හේතු කවරේද;

(ii) එම ජනතාවට කඩිනමින් ඉඩම් ඔප්පු ලබාදීම සඳහා ගෙන ඇති හෝ ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-04-23

අසන ලද්දේ

ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks